බිම වැටුණු මල්

Posted by තිවංක | | Posted On Tuesday, June 25, 2019 at 8:29 AM

තාත්තේ මම මලක් අහුලන්
අරන් ආවා ගහ යටින්
පූජා කරමුද ඒ මලත් අපි
තියල මල් තියනා තැනින්

බිම වැටුණු මල් අපි පුදන්නේ
නැහැනේ බුදු සාදුට පුතේ
ඒ නිසා අපි පූජා කරමුකෝ
වෙන මලක් කඩලා ගහේ

ගහ හැදෙන්නෙත් මහා පොළොවේ නේ
බිම ඉඳන් නැහැ මහා උසක්
එහෙම නම් ඇයි පුදන්නට බැරි
බිම වැටුණු එක සුදු මලක්