tag:blogger.com,1999:blog-82848806690097937312024-03-08T12:29:57.325+05:30සරල සිතුවිලිතිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.comBlogger24125tag:blogger.com,1999:blog-8284880669009793731.post-1870097721750724312019-06-25T08:29:00.000+05:302019-06-25T08:29:33.959+05:30බිම වැටුණු මල්තාත්තේ මම මලක් අහුලන්
අරන් ආවා ගහ යටින්
පූජා කරමුද ඒ මලත් අපි
තියල මල් තියනා තැනින්

බිම වැටුණු මල් අපි පුදන්නේ
නැහැනේ බුදු සාදුට පුතේ
ඒ නිසා අපි පූජා කරමුකෝ
වෙන මලක් කඩලා ගහේ

ගහ හැදෙන්නෙත් මහා පොළොවේ නේ
බිම ඉඳන් නැහැ මහා උසක්
එහෙම නම් ඇයි පුදන්නට බැරි
බිම වැටුණු එක සුදු මලක් තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com1tag:blogger.com,1999:blog-8284880669009793731.post-68057258645662448732014-10-24T09:20:00.000+05:302014-10-24T09:20:12.952+05:30ඔබ හා මෙමා .....ඔබ සමඟ එක් වෙලා
තුන් වසක් ගත වෙලා
අපේ පොඩි පුතුට දැන්
අවුරුද්දකුත් වෙලා

ඇසෙන විට කිරි සිනා
එය ම මුළු ලොව වෙලා
සිතෙනවා ලෝකයම
කෙතරම් සොඳුරුද කියා

මේ තරම් සුන්දර
වෙයි කියා සිතුනි ද
මීට සත් වසරකට
පෙර ඇරඹි මිතුදමතිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com0tag:blogger.com,1999:blog-8284880669009793731.post-79615856634601185472013-03-18T16:54:00.005+05:302013-03-18T16:58:09.230+05:30ගහ මොට නම්"අනේ ප්ලීස්. ඔයාට පුලුවන් ද මට හෙල්ප් කරන්න ?"

නිවාසාන්තර ක්‍රීඩා
තරඟ පවත්වන දිනයේදී පිට්ටනිය කෙළවරක සිටි තමන්ගේ එක වසර පන්තියේ
ගුරුතුමියගෙන් ඒ පුංචි දරුවාට එසේ අසන්නට සිදු වූයේ නොසිතූ වෙලාවක තම
හැඳිවතෙහිම මළ පහ වූ නිසා ය. තම සිඟිති දියණියට වඩා මඳක් වයසින් වැඩි කුඩා
දරුවා ගේ ආයාචනයෙන් ගුරුතුමියගේ සිත සසල විය. කුඩා දරුවා වැසිකිලිය
වෙත රැගෙන ගිය ද මළ පහ තනිව සෝදා ගැනීමට කුඩා දරුවාට නොහැකි බව පවසූයෙන් ඒ
කටයුත්ත කරන්නට සිදු වූයේද ගුරුතුමියට ය.

"පොඩි කාලෙම තමන්ගේ දේවල් කරගන්න දරුවන්ට පුරුදු කරන්න ඕන. නැත්නම් ඒගොල්ලොම තමයි පස්සේ අමාරුවේ වැටෙන්නේ"

පසු දිනක එම දරුවාගේ මව හමුවූ මොහොතකදී , ඇය සමඟ මෙම සිද්ධිය කතිකා කිරීමට අවස්ථාවක් ගුරුතුමියට ලැබී තිබුණි.

"ළමයගේ
තාත්තටත් තනියම ෂර්ට් එක ඇඳගන්න බෑ. ෂර්ට් එක අඳින්නත් මම අත්දෙක දාන්න
උදවු කරන්න ඕන. ළමයින්ගේ දේවල් වලට කිසි උදව්වක් නෑ. ඉතින් මම ළමයට තමන්ගේ දේවල් කරගන්න උගන්නන්නේ කොහොමද මිස්."

ඉතා අසරණ ලෙස ඇය දුන් පිළිතුරත් සමඟ ගුරුතුමිය මොහොතකට ගොළු වූයේ දීමට පිළිතුරක් සොයාගත නොහැකි නිසාය.

ගහේ කටු උල් කරන්න ඕන නෑ..... ගහ මොට නම්...................................තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com2tag:blogger.com,1999:blog-8284880669009793731.post-58562528454534933672013-01-08T13:34:00.001+05:302013-01-08T13:39:43.270+05:30 සූරාගෙන කෑමලංකාවේ ප්‍රසිද්ධ (ගංගාරාම පන්සල පෙනෙන මානයේ ඇති) පෞද්ගලික රෝහලක් වෙත මම බිරිඳ සමඟ ගියේ ඇයගේ පාදයක තිබූ වේදනාවක් සඳහා ප්‍රතිකාර ගැනීමටය. නමුත් හදිස්සියේම බිරිඳ, ඇයගේ උදරයේ දකුණුපස සහ පිට කොන්දේ අධික වේදනාවක් ඇති බව පවසූ නිසා, මා ඇයව එම රෝහලේම හදිස්සි ප්‍රතිකාර ඒකකය වෙත ඇතුලත් කලේ වෙනත් විකල්පයක් සොයාගැනීමට කල් වේලා නොමැති නිසාමය.

"මෙයාට ultra sound scan එකක් කරන්න වෙනවා. අපි දැනට වේදනා නාශකයක් දෙන්නම්. ඕන වුනොත් දවසක් විතර නවතින්න පුළුවන් නේද ? අපි scan එක කරලා බලමු."

ඇයගේ රෝග ලක්ෂණ ගැන ඇසූ එම මොහොතේ හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයා මා හට පැවසූවා. එම පරීක්ෂණයෙන් (scan) පසු පරීක්ෂණ වාර්තාව ගෙන මා හට පෙන්වූ එම වෛද්‍යවරයා,

"මම හිතුව හරි. මේ බලන්න. ඔයාට මේක කියවන්න පුළුවන් නේද ? මේකේ කියල තියන විධියට එකක් නෙවෙයි, ගල් පේලියක් ම තියනවා දකුණු වකුගඩුවේ. සමහර විට operation එකක් කරන්නත් වෙයි. ඉක්මනටම admit කරලා තවත් පරීක්ෂණ ටිකක් කරන්න වෙනව. මොකද කරන්නේ ? පැය 24 ක් ඇතුලත කරන දෙයක් කරන්න වෙනවා."

ඔහුගේ පිළිතුරෙන් මා මඳක් කලබල වුණා. එක්වරම රෝහලට බිරිඳව ඇතුලත් කිරීමට මඳක් මැලි වුවද, ඇයගේ තත්වය බරපතල බව එම වෛද්‍යවරයා පවසූ නිසා, මා ඉක්මන් තීරණයක් ගතයුතුව තිබුණා. ශල්‍ය වෛද්‍යවරයකු වූ මාගේ මිතුරෙකුගේ පියාට දුරකථන ඇමතුමක් ගත්තේ තීරණයක් ගැනීමට මත්තෙන් උපදෙසක් ගැනීමටය.

"ultra sound scan එකකින් විතරක් වකුගඩුවේ ගල් තියනවා කියන්න බෑ. ඒකට තව ගොඩක් test කරන්න තියනවා. ඔතන ඉන්න අය කරන්නෙම ඔයවගේ පිස්සු වැඩ. ඔයා wife ව හෙට මට පෙන්නන්න. ඊට පස්සේ අපි බලමු මොකද වෙලා තියෙන්නේ කියල. අනිත් එක, වකුගඩු ගල් වලට දැන් operation කරන්න ඕන නෑ. බෙහෙත් තියනවා ඒවා දියවෙන්න දෙන."

ඔහුගේ උපදෙස අනුව කටයුතු කිරීමට තීරණය කල මා, බිරිඳ ව රැගෙන යන බව හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයාට දැන්වූවා.

"කමක් නෑ. මෙහෙන් නැතත් කොහෙන් හරි ඉක්මනට operation එක කරගන්න."

ඔහු පැවසූවා.
පැය 24 ක් ඇතුලත සැත්කම නොකලොත් විය හැකි දේ කුමක් ද කියා ඉන්පසුව මම හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයාගෙන් ඇසුවා.

"මම දන්නේ නෑ ඉතින් වකුගඩුව නැති වෙයි. එච්චරයි."

මෙවන් මිනිසුන් වෛද්‍ය වෘත්තියේ යෙදීම එම වෘත්තියටද නිගාවකි. රෝගියකුට තම රෝගී තත්වය මොවුන් පවසන අන්දම කෙතක් නම් පහත් අඩියට වැටී ඇත්දැයි මට සිතුනි. ඔහුට උවමනා වූයේ කෙසේ හෝ මාගේ බිරිඳ එම පෞද්ගලික රෝහලට ඇතුලත් කිරීම හැර අනෙකක් නොවන බව මට පැහැදිලි විය. වේදනා නාශකය නිසා බිරිඳගේ වේදනාව මඳක් අඩු වූයෙන් ඇයත් සමඟ මා රෝහලෙන් පිටවීය.
කලින් දිනයේදී ගත් පරීක්ෂණ වාර්තාව (ultra sound scan report) සමඟ මිතුරාගේ පියා හමුවීමට අප ගියේ පසු දින ය.

"මේ report එකේ කොහෙවත් කියල නෑ වකුගඩුවේ ගල් තියනවා කියල. කවුද එහෙම කියපු දොස්තර"

කියල ඔහු සිනාසුනා.
අඩුම තරමින් තමන් විෂය ගැන නොදන්නේ නම්, ඒ ගැන දැනුමක් ඇති වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීමටවත් හදිස්සි ප්‍රතිකාර ඒකකය භාරව සිටි වෛද්‍යවරයා ක්‍රියා කල යුතුව තිබුණි.

"අපි කෝකටත් මුත්‍රා පරීක්ෂණයක් කරලා බලමු."

ඔහු කිව්වා.
මුත්‍රා පරීක්ෂණ වාර්තාව අනුව බිරිඳට එසේ සිදුවී ඇත්තේ විසබීජයක් ශරීරගත වීමෙන් බව පවසූ ඔහු එයට ප්‍රතිකාර ලබා දුන්නා. විසබීජය කුමක්ද කියා හඳුනා ගැනීමට තවත් පරීක්ෂණයක් කිරීමට ඔහු නිර්දේශ කළා. පරීක්ෂණ වාර්තාව ලැබීමට සාමාන්‍යයෙන් දින දෙකක් පමණ ගතවන බවත් ඔහු මතක් කළා.

පසු දින බිරිඳ අධික උණකින් පෙලීම නිසා මිතුරාගේ පියාගේ අනුදැනුම පරිදි ඇයව කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමට අප තීරණය කළේය (මිතුරාගේ පියා ද ජාතික රෝහලේ වෛද්‍යවරයෙකි). අධික උණ සෑදීමට හේතුව විසබීජය වඩා බලවත් එකක් වීමය. දින දෙකක පමණ ප්‍රතිකාර වලින් පසු බිරිඳගේ රෝගී තත්වය සුව අතට හැරුණි. රජයේ රෝහල්වල වෛද්‍යවරුන් හා කාර්ය මණ්ඩලය රෝගීන්ට කෙතරම් කාරුණිකව සලකන්නේද යන්න මා එහිදී අත්දුටු දෙයක්. සෑම රජයේ රෝහලකම තත්වය මෙසේ නොවූවද කොළඹ ජාතික රෝහලේ සේවය විශිෂ්ටය. විශාල මුදල් ප්‍රමාණයක් අය කලද නිසි සේවයක් සැලසීමට නොහැකි වීම ගැන පෞද්ගලික රෝහල් ගැන ඇති වන්නේ කලකිරීමකි. අනෙක් පෞද්ගලික රෝහල් වල තත්වයත් මෙසේම වන්නට බොහෝ දුරට ඉඩ ඇත.

වාසනාවට මා දන්නා හඳුනන වෛද්‍යවරයකුගෙන් උපදෙස් ගැනීමට මා හට හැකි විය. නමුත් අනෙක් සියලු රෝගීන්ටම එම වාසනාව නොතිබීමට පුළුවන. පෞද්ගලික රෝහල් බොහෝවිට සිදු කරන්නේ අහිංසක රෝගීන් සූරා කෑමය. එය අතීතයේත් සිදු විය. දැනටත් සිදු වෙමින් පවතී. අනාගතයේ ද තත්වය එසේම වනු ඇත. තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com8tag:blogger.com,1999:blog-8284880669009793731.post-38483587533206352222012-08-23T13:22:00.002+05:302012-08-23T13:32:21.672+05:30ගූඩ් ඊව්නින්ග් සර් ....එය මීට වසර කිහිපයකට පෙර එක්තරා දිනයක රාත්‍රී 10 ට පමණ ය. මම, මාගේ හිතවතුන් කීප දෙනෙකු සමඟ පෞද්ගලික රෝහලක සිටි රෝගියකු බැලීමට ගොස් නවාතැන බලා පැමිණෙන අතර මරදාන ප්‍රදේශයේදී පොලිසිය විසින් අප ගමන් කල රථය නැවත්වීමට සන් කළේය. එම මොහොතේ රථයේ රියදුරා මා වූ බැවින්, රථයේ බලපත්‍ර සහ මාගේ රියදුරු බලපත්‍රය රැගෙන පොලිස් නිලධාරියා වෙත යාමට රථයෙන් බසින්නටත් මත්තෙන්, ඔහු අපගේ රථය අසලට පැමිණ සිටියේය.

"ගූඩ් ඊව්නින්ග් සර්................... වාහනේ ලයිෂන් ඉන්ෂූවරන්ස් දෙනවා ද ?"

ඔහුට රථයේ බලපත්‍ර සහ මාගේ රියදුරු බලපත්‍රය ලබා දී, මම, මාවම කොනිත්තාගෙන බැලූයේ මා සිටින්නේ සිහිනයක් දකිමින් ද නැද්ද යන්න සැක හැර දැනගැනීමට ය. නැත නැත...... එය සිහිනයක් නොවේ. ඔහු වෙනත් රටක පොලිස් නිලධාරියෙක්ද නොවේ. ඔබත් මමත් දිනපතා බනින, සාමාන්‍යයෙන් උස්(යැයි කියන) තැන් දැක හැකිලෙන, මිටි තැන් දැක පුප්පන, නිලධාරීන් බහුතරයක් සිටින අපේ රටේ පොලිසියේම තවත් එක් අසාමාන්‍ය නිලධාරියෙකි.

"තෑන්ක් යූ....... ගූඩ් නයිට් සර්"

බලපත්‍ර පරීක්ෂාව නිම වීමෙන් පසු ව සියල්ල නැවතත් මා හට ලබා දුන් ඔහු අපට යාමට අවසර දුනි.

තවමත් අනෙක් මිනිසුන්ට හොඳින් ආමන්ත්‍රණය කරන ගරු කටයුතු නිලධාරීන් ඉතාමත්ම ස්වල්පයක් පොලිසියේ සේවය කරන බව නැවතත් මතකයට පැමිණියේ ඊයේ දිනයේද මීට ආසන්න සිද්ධියක් අත්දැකීමට සිදු වූ බැවිනි. එවැනි ගරු කටයුතු නිලධාරීන්ට උපහාරයක් පිණිස මෙය, මෙසේ සටහන් තබමි. තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com8tag:blogger.com,1999:blog-8284880669009793731.post-64653564401971260212012-08-20T14:46:00.003+05:302012-08-20T15:13:58.601+05:30ගොඩක් හිනාවෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත යට සැහෙන්න දුකක් තියනවා ......"පුතේ, තාත්ත ඒ කාලේ මගේ පිට පැලෙන්න ගහල තියනවා."

මගේ තාත්තගේ අතිජාත මිත්‍රයෙක් ගේ ගෙදරට පසුගිය දිනක තාත්තත්, මමත් මගේ බිරිඳත් ගොඩ වුනු වෙලාවක තාත්ත ගැන තාත්තාගේ මිතුරා විස්තර කළේ ඔවුන් පාසල් කාලයේ කල ක්‍රීඩාවක් ඇසුරින්. තාත්තගේ බොහෝ මිතුරන් ආශ්‍රය කිරීමේ වාසනාව මට උදා වී තිබුනද, මේ මිතුරා මා දැනගෙන සිටියේ නාම මාත්රිකව පමණි. ඔහු වාසය කරන නගරය අප වාසය කරන නගරයෙන් බොහෝ දුරස් වී තිබීම එයට හේතුව වන්නට ඇතැයි සිතමි. නමුත් තාත්තා, ලඟින් ඇසුරු කල මිතුරන්ගෙන් ඔහුත් එක් අයෙකි.

සිනාමුසු මුහුණින් අපව පිළිගත් ඔහු අප සමඟ ඔවුන්ගේ පාසල් ජීවිත අත්දැකීම් ආවර්ජනය කළා. ඔහුට උපතින් ම ඇස් වල ආබාධයක් තිබූ බව තාත්තා මට කලින් දිනක කියා තිබුණි.

"ලඟදි දවසක මචන් මාව සර්පයෙක් කෑවා. මම ඉස්සෙල්ලම කලේ ඌ මරපු එක. ඊට පස්සේ ඌත් අරගෙන ඉස්පිරිතාලෙට ගියා. මට සෑහෙන්න අමාරු වුණා. දොස්තර මහත්තය මගෙන් ඇහුව එක දෙක වෙලා පේනවා ද කියල. මම කිව්වා, මට කොහොමත් එක දෙක වෙලා පේන්නේ, එක හතර වෙලා පේනවා නම් තමයි අවුල"
කියු ඔහු මහා හඬින් සිනා සුනා.

ඔහුගේ අසනීප තත්ත්ව ගැන කතා කරන්නත් ඔහු අමතක කලේ නෑ.

"උඹ දන්නවා නේ මචන්, මම කොහොමත් මේ වෙලාවට පොඩි අඩියක් ගහල නේ ඉන්නේ. ඒකත් බොහොම පොඩ්ඩයි. මම උපදෙස් ගන්න doctor මගෙන් බොනවද කියල අහල, මම පොඩි අඩියක් ගහනවා කිව්වම, two shots, twice a week is ok කියල තමයි කිව්වේ" කියල මහා හඬින් සිනා සුනා. වැඩි වෙලා නොගොසින් ම, ඔහු ජීවිතය සැහැල්ලුවෙන් හා සන්තෝසයෙන් ගෙවන බව අපට වැටහුනා.

මඳ වෙලාවක් අප සමඟ සතුටු සාමීචියේ යෙදී සිට කුස්සිය දෙසට සෙමින් ගමන් කළා. අපට තේ පැන් සංග්‍රහය කලේද ඔහු විසින් ම යි. අප නිවසින් පිට වීමට සැරසුන විට,

"පොඩ්ඩක් හිටපන්. අපේ නෝනේ ව එලියට එක්ක එන්න බලන්නම්" කියල ඔහු කුස්සිය දෙසට පිය නැඟුවා.

"ඒ මාමා ගේ නෝනට පොඩි මානසික ලෙඩක් තියනවා. වැඩිය එලියට එන්නේ නෑ"

තාත්තා කලින් දවසක කියූ දෙයක් එකවරම මට සිහියට නැඟුනේ නිරායාසයෙන්මයි . ජීවිතේ තරුණ කාලේ හොඳින් ගත කර, කුමක් හෝ අභාග්‍යයකට මානසික ලෙඩෙක් වෙච්ච තමන්ගේ බිරිඳ අතින් අල්ලාගෙන තාත්තගේ යාළුවා අප දෙසට ආව. තමන් ගේ බිරිඳ මානසික ලෙඩෙක් වුනත්, ඔහු තවමත් ඇයට ඉතාම ආදරෙන් සලකන බව අපට වැටහුනා.

ඔවුන්ගේ විවාහ දිනයේ ඡායා රූපය අපට පෙන්වන අතර
"ඔය තියන පින්තුරේ ඉන්නෙත් මෙයා තමයි. අඳුරගන්න බෑ නේද ? " කියල මඳ සිනහවක් පෑවා.

"ගොඩක් හිනාවෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත යට සැහෙන්න දුකක් තියනවා ......"

මගේ බිරිඳ ට, ඇයගේ මාමා කෙනෙකු කියා තිබූ කතාව, කෙතරම් නම් යතාර්තයක්ද යන්න වැටහීමට මට මඳ වෙලාවක් ගත වුණා.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com8tag:blogger.com,1999:blog-8284880669009793731.post-58412816430634953532012-06-15T15:31:00.001+05:302012-06-15T15:48:01.119+05:30මහන්සියෙන් තොර (ජය)ග්රහණයපහුගිය වෙසක් පෝයට අපේ කාර්යාලයෙන් වෙසක් කූඩු තරඟයක් සංවිධානය කරලා තිබුන. ඉතින් හැමෝම බොහොම උනන්දුවෙන් වෙසක් කූඩු නිර්මාණය කළා. අපේ කණ්ඩායමට අට (8) දෙනෙක් හිටිය.
කාර්යාල වෙලාවේ ඔය වැඩේ කරන්න බැරි නිසා, තරඟයට කලින් දවසේ හවස ටිකක් වැඩිපුර ඉඳල කූඩුව හදන්න කට්ටියම කැමති වුණා. කණ්ඩායමේ අට දෙනෙක් හිටිය කිව්වට ඇත්තටම කාර්යාල වෙලාවට පස්සේ නැවතිලා වැඩ කලේ හත් (7) දෙනයි. එක්කෙනෙක් වෙනද වෙලාවටම කාර්යාලයෙන් ගියා. එයාට මොකක්දෝ පෞද්ගලික වැඩක් තියනවා කියල වෙන කෙනෙක් කියනවා මට යාන්තමට වගේ ඇහුන. කොහොම හරි අනෙක හත් දෙනාම සැහෙන්න මහන්සි වෙලා කූඩුවේ වැඩ කළා. අනෙක් හත් දෙනාගෙන් දෙදෙනෙක් ම වෙනත් ආගම් අදහන දෙදෙනෙක්. නමුත් ඒ දෙදෙනාත් සැහෙන්න මහන්සි වෙලා කරපු වැඩ ටික ඇත්තටම අගයකරන්න ඕන. අපි එදා කාර්යාලයෙන් ගෙදර යනකොට පාන්දර 2 විතර වුණා.

තීරණය දෙන්න නියමිත වෙලා තිබුනේ පහුවෙනිදා උදේ 11 ට. ඊට කලින් කූඩුවේ ඉතිරි වැඩ ටික ඉවර කරන්නත් තියන නිසා පහුවෙනිදත් කට්ටිය උදෙන්ම ආව. කලින් දවසේ වගේම කට්ටිය සැහෙන්න මහන්සියෙන් වැඩ කළා. නමුත් අර කලින් දවසේ වේලාසනින් ගියා කෙනා අඩුම තරමේ එදා උදේ වත් වැඩ වලට උදව් වෙන්න ආවේ නෑ. අන්තිම මොහොතේ කොඩි වැල් ටිකක් එල්ලන්න ආව. කවුරුවත් එයාට එන්න කියල බල කලෙත් නෑ. මොකද, ඒ දේවල් වලට සහභාගී වෙන්නත් වසනාව, ලැබීම තියෙන්නේ ඕන නේ. :) කොහොම හරි තරඟයෙන් අපේ කණ්ඩායමට පළවෙනි තැන ලැබුණා. ඒ වගේ වෙලාවට සමූහ ඡායාරූපයකුත් ගන්න එක ඉතින් අලුත් දෙයක් නෙවෙයි නේ. කට්ටියත් එක්ක ගත්ත සමූහ ඡායාරූපයට අර මනුස්සයත් ඇවිල්ල ලස්සනට පෙනී හිටිය.

"උඹත් ඔය team එකේ ද ? මම උඹව ඊයේ රෑ ඉන්නවා දැක්කේ නෑ නේ. "

ඡායාරූපය ගත්ත මිත්‍රය ඇඟට නොදනී කිව්වා.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com8tag:blogger.com,1999:blog-8284880669009793731.post-64039637661216170842012-01-11T15:27:00.002+05:302012-01-11T15:43:46.276+05:30විවාහ යෝජනාවක නොදුටු පැත්ත"මචන්. හෙට හවස මොනවහරි වැඩ දාගෙන තියනවද ?"

දුරකතනයෙන් කතාකරපු මගේ අතිජාත මිත්‍රයන්ගෙන් කෙනෙක් ඇහුව.

"එහෙම විශේෂ වැඩක් නම් නෑ. මොකක්ද මචන් වෙන්න ඕන ?"

"අම්ම මේ දවස් වල මාව පත්තරේට දාල නේ. ඉතින් ඒ කෙල්ලෙක් බලන්න යන්න."

විශේෂ වැඩක් යොදාගෙන තිබුනේ නැති නිසා යාලුවත් එක්ක මමයි මගේ බිරිඳයි පස්සේ දවසේ ගමන යන්න පිටත් වුනා. ඉස්සෙල්ලම ඒ ගෙදරට යන ගමන නිසාත්, සැලකිය යුතු ගානක දෙයක් අරගෙන යන්න කියල යාළුවගේ අම්මත් මතක් කරපු නිසාත්, කේක් එකකුත් අරගෙන අපි මනමාලිගේ ගෙදරට ගියා. මනමාලිගේ අම්මයි තාත්තයි එක්ක ටිකක් කතා කර කර හිටිය. මනමාලි අපේ රටේ ප්‍රසිද්ධ සරසවියකින් උපාධියක් අරගෙන, දැන් පශ්චාත් උපාධියකටත් ඉගෙනගන්නවා කියල තමයි දෙමුපියෝ කිව්වේ. ටිකකින් මනමාලි අපිට සංග්‍රහ කරන්න බන්දෙසියකුත් අරගෙන ආව. අඩුම තරමේ හිනා පොදක්වත් මූනේ නැතිව බන්දේසියේ කෑම ජාති යාලුවට පිලිගන්වල, අපි දෙන්නට පිලිගන්වුවේ තනි අතින්. පශ්චාත් උපාධි කලාට, ගෙදරට ආපු මනුස්සයෙක්ට බන්දෙසියකින් කෑම පිළිගන්වන විධිය වත් හරියට දන්නේ නෑ. (ඒ මදිවට මගේ යාළුවා වගේ 2 1/2 විතර ඇති :-| ). ඊට පස්සේ බන්දේසිය මෙසේ උඩ තියල, ගිහිල්ල අම්මගේ පෙරැත්ත නිසාම ටිකක් එහාට ගිහින් වාඩි වුණා. ඒ වාඩි වුනෙත් අපි හිටපු පැත්තට පිටිපස්ස හරවාගෙන. හ්ම්ම් . තේ බන්දේසිය පිලිගැන්වුවෙත් අර විධියටම තමයි. :). ටික වෙලාවක් ඉඳල අපි එන්න ආව.

"අපරාදේ කේක් එකට දුන්න සල්ලි" මට ඉබේටම කියවුණා.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com5tag:blogger.com,1999:blog-8284880669009793731.post-17594940974479551532011-08-19T16:11:00.001+05:302011-08-19T16:34:03.921+05:30බලු කරදර ......"මල්ලි, කතා කලේ පොඩි කරදරයක් වෙලා. ඊයේ මාව බල්ලෙක් හැපුව. දැන් බලනකොට ඒක මැරිලා. යාලුවෙක් ට කතා කලාම එයා කිව්වේ, ජලභීතිකාව හැදුන බල්ලෙක් ද දන්නේ නෑ, ඒක නිසා බල්ලාගේ ඔලුව අරගෙන MRI එකට ( වෛද්‍ය පර්යේෂණ ආයතනයට ) පුළුවන් ඉක්මනට අරන් යන එක කෝකටත් හොඳයි කියල. උඹට දැන් එන්න පුළුවන් ද ? "

හ්ම්ම්ම්..... රෑ 10.30 ට පමණ පැමිණි දුරකථන ඇමතුමකින් මගේ සුව නින්ද අඩාල වුණා. උදව්ව ඉල්ලුවේ ඥාති සොහොයුරෙක් නිසාත්, කතා කල හේතුව තරමක බරපතල කාරණයක් නිසාත්, මම ඒ වෙලාවේම ඥාති සොහොයුරාගේ නිවසට පිටත් වුණා. බල්ලාගේ මල කඳ මල්ලක දමාගෙන ගියත් වෛද්‍ය පර්යේෂණ ආයතනයට භාර ගන්නේ බල්ලාගේ ඔලුව විතරයි. මැරිච්ච බල්ලෙක්ගේ වුනත් බෙල්ල කපන්න තරම් අපිට හිත හදාගන්න හැකියාවක් නොතිබුන නිසා, වෛද්‍ය පර්යේෂණ ආයතනයට බල්ලාගේ ඔලුව විතරක් ගෙනියන එක අපිට ලොකු ප්‍රශ්නයක් වුණා. වෙලාව මැදියම් රැය ආසන්න වෙලා තිබුන නිසා කාරනා අපිට සුභ දායක විදියට පෙළ ගැහිලා තිබුනේ නෑ. ඕන දෙයක් වෙන්න කියල බල්ලව අරගෙන පුංචි බොරැල්ලට ගියේ මූලික රෝහල අසල ඇති මල්ශාලවකින්වත් වැඩේ කරගන්න පුළුවන් වෙයි ද කියල උත්සහ කරන්නයි. සැහෙන්න වෙහෙසක් වෙලා මල්ශාලා දෙක තුනකම අය නැඟිට්ටේව්වත් කිසිම කෙනෙක් වැඩේ කරලා දෙන්න කැමති වුනේ නෑ. අන්තිමට ගිය මල්ශාලාවේ අය බල්ලාගේ ඔලුව වෙන් කරලා දෙන්න රු 5000 ක් ඉල්ලුව.

වැඩේ හරියන්නේ නැති නිසා බල්ලවත් අරගෙන දෙන්නත් එක්ක වෛද්‍ය පර්යේෂණ ආයතනයට ගියේ එතනින් මොකක් හරි විසඳුමක් ලබාගන්න.

"ඔය එහා පැත්තේ පාරේ පශු වෛද්‍ය කෙනෙක් ඉන්නවා. එතනනින් වැඩේ කරගන්න පුළුවන් වෙයි."

වෛද්‍ය පර්යේෂණ ආයතනයේ ආරක්ෂක නිලධාරියාගෙන් දැනගත්ත තොරතුර ඔස්සේ දෙන්නත් එක්ක බල්ලව අරගෙන ගියා. පශු වෛද්‍ය ඉන්න තැනම ඉස්සරහ තියෙන්නේ, කොළඹ නගර සභාවේ සුනඛාගාරය ( ඉස්සර බල්ලෝ මරල ගෙනත් දාන තැන ) ට . එතන හිටපු මනුස්සයව නැඟිට්ටවන්න අපිට විනාඩි 15 ක් විතර ගත වුණා. එතකොට වෙලාව පාන්දර 12.30 විතර වෙලා.

"වෙලාවේ හැටියට නම් මහත්තයෝ රුපියල් 1000 ක් වත් වැඩේට ඕන. කඳ වලලන්න මහත්තයලට පුළුවන් නේද ?"

ඒත්, ගෙදර ගිහින් ඒ වගේ දෙයක් කරන්න පුළුවන් මානසික තත්වෙක අපි හිටියේ නෑ.

"නැත්නම් තව 500 ක් දෙන්න. මම වැඩේ කරන්නම්."

සුනඛාගාරයේ හිටපු මනුස්සයටම අපි ඒ දේ භාර කලා.

" මහත්තයල පොඩ්ඩක් ඔහොම ඉන්නකෝ"

මැරිච්ච බල්ලා දාපු මල්ලත් අරගෙන ඔහු ඇතුලට ගියා. විනාඩි 5 කින් විතර ඔහු පොලිතීන් මල්ලක් අරගෙන ආවා. පොලිතීන් මල්ලේ දාපු බල්ලාගේ ඔලුව ඉල්ලගෙන, රුපියල් 1500 දීල අපි වෛද්‍ය පර්යේෂණ ආයතනයට යන්න පිටත් වුණා.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com0tag:blogger.com,1999:blog-8284880669009793731.post-67982127946821338982011-05-27T08:57:00.001+05:302011-05-27T09:20:29.982+05:30දුම්රිය මොහොතක් නතර වුනේ .........සති අන්තයක ආරම්භය වූ බැවින් දුම්රිය, මඟීන්ගෙන් පිරී තිබුණි. තරමක් පටු බෝක්කුවක් පසු කරමින් තිබූ දුම්රිය, බොහෝ වෙලාවක් නාද වූ නලා ශබ්දයත් සමඟ, තම ගමන ද මඳකට නතර කළේය. ඒ වන විටද දුම්රියේ ගැටී සිහි සුන්ව සිටි පුද්ගලයෙක් දුම්රිය යටින් පිටතට ගැනුනේ බොහෝ මඟීන්ගේ උපකාරයෙනි.

"නවත්ත ගන්න සැහෙන්න පුළුවන් කම තිබුන. අපරාදේ නවත්තගත්තේ නෑ නේ"

දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි ගම් වැසියකු දුම්රිය රියදුරාට දෙස් තියනු ඇසුනි. එතරම් විශාල යකඩ ගොඩක් එක වර නැවත්වීමට යාමෙන් සිදු විය හැකි ජීවිත හානිය කෙතරම් විය හැකිද යන්න ගැන ඔහු ඒ මොහොතේ තකන්නේ නැති බව පැහැදිලිය. දුම්රිය මාර්ගයේ මිනිසුන්ට ගමන් කිරීම තහනම් කර ඇත්තේද එම ප්‍රයෝගික අපහසුතාව නිසාම බව ඔහුට අමතකව ගොස් ද, එසේත් නැත්නම් ඔහු ඒ පිළිඹඳ ව නොදන්නේද යන්න සෙවීමට කිසිවෙකු උත්සාහ නොකළේ ය. හදිස්සි අනතුරකදී බොහෝදෙනා, තුවාලකරුවන් රෝහලකට ගෙනයාමට පසෙක තබා වරදකරු සොයා දඬුවම් දීමට යාම දැන් දැන් සුලභව සිදුවන්නේ මිනිසුන්ගේ මනස විකෘති වීමක් නිසාද යන්න ගැන මා හට වැටහීමක් නම් නැත.

මඟීන්ගේ උපකාරයෙන් ම අනතුරට පත් පුද්ගලයා දුම්රියට, ඒ සඳහාම දුම්රියේ ඇති ඇඳක් වැනි උපකරණයක තබා, මා ගමන් කල දුම්රිය මැදිරියටම නංවා ගත්තේය. තුවාල සිදුවී ඇති ආකාරයෙන්, එය සියදිවි නසාගැනීමට තැත් කිරීමක් නොව හදිස්සි අනතුරක් බව පැහැදිලි ය. තම ජීවිතයේ මැදියම් වයසට එළඹෙමින් සිටි අසරණ මිනිසා දෙස මගීන් බලා සිටියේ මහත් වූ අනුකම්පාවකිනි. ඔහුගේ හිසෙන් ගලාගෙන යන ලේ දුම්රිය මැදිරිය තුල ඒ මේ අත අනේක විද රටා මවයි. ඒ වන විට ද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ඔහුගේ සිරුර ඊ ළඟ දුම්රිය නැවතුම්පලට දුම්රිය බලධාරීන් භාර දෙන ලද්දේ, ක්‍රියා පිළිවෙල එය වූ බැවිනි. අසරණ මිනිසාගෙන් ගලා ගිය ලේ පැල්ලම, මඟියෙකු පත්තර පිටුවකින් වසා දැමුවද, අනතුරෙන් බොහෝ දෙනාට සිදු වූ කම්පනය නැති වීමට බොහෝ කලක් ගතවනු ඇත.

"ජීවිතේ මොනතරම් අවිනිශ්චිත ද ? විනාඩියකට කලින් රේල් පාරේ ගිය කෙනා ඊට ටිකකට පස්සේ කෝච්චියට හැප්පිලා."

මඟීන් දෙදෙනකුගේ දෙබසක් මට යන්තමට ඇසුනි.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com4tag:blogger.com,1999:blog-8284880669009793731.post-19434816763074171012011-03-25T14:17:00.004+05:302011-03-25T14:35:52.057+05:30රෝද දෙකත්, ජීවිතයත් සමබරවමා යතුරු පැදිය පැදවූයේ සාමාන්‍ය වේගයෙන්. පිටුපසින් පැමිණි තවත් යතුරු පැදියක් අධික වේගයෙන් මා පසු කර ඉදිරියෙන් ධාවනය කල බස් රථයද ඉස්සර කලේ තරමක් ලොකු වංගුවකදී ය.

මේ යන විදිය ආරක්ෂාකාරීද ? ඉස්සරහින් වාහනයක් ආව නම් මොකද වෙන්නේ ?
මට දහසකුත් එකක් ප්‍රශ්න.

ඕව මේවා හිත හිත මමත් මගේ ගමන ගියා. මට වැඩි දුරක් යන්න ලැබුනේ නෑ. පාර අයිනේ සැහෙන්න පිරිසක් වට වෙලා හිටිය. කලින් අනාරක්ෂිතව යතුරුපැදිය පදවපු කෙනා වෙනත් වාහනයක වැදිලා. යතුරුපැදිය පෙරලිලා. පදවපු මනුස්සයත් වැටිලා. ඉක්මනින්ම යන්න ගිය ගමන කොහෙන් කෙලවර වෙයිද මන්දා.

යතුරුපැදිය කියන්නේ (මා ඇතුළුව) අපි බොහෝ දෙනෙක් ට ගමන් පහසුව සලසන වාහනයක්. ඉහල යන ඉන්ධන වියදමත්, හැම හෝල්ට් එකේම විනාඩි 5 ක් විතර පැලවෙන බස් ගැනත් හිතෙනකොට යතුරු පැදිය කියන්නේ සැහෙන්න හොඳ විකල්පයක්. නමුත් යතුරුපැදිය ආරක්ෂාකාරීව පාවිච්චි කරන්නේ කීයෙන් කීදෙනාද කියල විනාඩි 5 ක් විතර පාර අයිනට වෙලා බලාගෙන හිටියොත් ඕන කෙනෙක්ට අත්දකින්න පුළුවන්. ඉවසීම කියන එක ඇත්තෙම නෑ. පුළුවන් ද බැරි ද බලන්නේ නැතුව හැම තැනින්ම රිංගන්න යනවා. පරිස්සම් තැන් වලින් රිංගන්න එපා කියල මම කියන්නේ නෑ (මොකද මමත් යතුරුපැදියට යන්න ඉඩ තියනවා නම් කරන්නෙත් ඒ දේමයි. ).

රෝද දෙකේ වාහනේ සමබර කරගෙන ඒක උඩ යන ජීවිතත් පරිස්සම් කරගෙන යන්න බොහෝ දෙනා මීට වඩා හිතනවා නම් තමන් විතරක් නෙවෙයි අනිත් වාහනවල අයත් අමාරුවේ නොවැටී ගමනාන්තයට ලඟා වෙන්න පුළුවන්.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com3tag:blogger.com,1999:blog-8284880669009793731.post-44752988447435852142011-03-09T13:47:00.001+05:302011-03-09T13:53:49.517+05:30ඔරු තරඟයබොහොම ඉස්සර කාලේ ලංකාවයි ජපානෙයි අතරේ ඔරු තරඟයක් තිබුණා. කණ්ඩායම් දෙකෙන්ම හත් දෙනා බැගින් තරඟෙට සුදානම්. ජපානේ කණ්ඩායමේ හය දෙනෙක් ඔරුව පදවන්න යොදවල තිබුණා. එක් අයෙක් කණ්ඩායමේ නායකයා විදියට අනෙක් හය දෙනා මෙහෙයවීමට සැලසුම් කරලා තිබුණා. ලංකාවේ කණ්ඩායමේත් හත් දෙනෙක් හිටියට පොඩි වෙනසක් තිබුණා. ඔරුව පදවන්න කණ්ඩායමෙන් කෙනෙක් යොදවල තියන අතරේ අනෙක් හයදෙනා ඔහුට නායකත්වය දෙන්න සැදී පැහැදී හිටිය.

තරඟය ආරම්භ කළා. ඉහල කළමනාකරුවන් හයදෙනාගෙන් ඔරුව පදවන්නාට මනා උපදෙස් ලැබුණා. එදා දවසේ ලංකාවේ කණ්ඩායම කිලෝමීටර් එකකින් පරාද වුණා.

මේ පරාජය පිළිඹඳ හේතු හොයන්න කමිටුවක් පත් කළා. ඔරුව පදවපු කෙනාගේ උනන්දුව මදිකම පරාජයට හේතුව බව කමිටුවේ ඒකමතික තීරණය වුණා. කමිටුවේ විද්වත් මණ්ඩලය ඔහුට දැඩි සේ අවවාද කළා.

තරඟය ඊලඟ අවුරුද්දෙදිත් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරණය කළා. ඒ අනුව කණ්ඩායම් දෙකම මැනවින් පුහුණුවීම් කළා. මේ වසරේ, ජපානේ කණ්ඩායම් සැලැස්මේ වෙනසක් නොවුනත්, ලංකාවේ කණ්ඩායමේ පොඩි වෙනසක් කරන්න කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කරලා තිබුණා. ඒ අනුව, එක් අයෙක් ඔරුව පැදවීමටත්, දෙදෙනෙක් ඔහුට උපදෙස් දීමටත්, තවත් දෙදෙනෙක් එම උපදේශකයන් දෙදෙනා කළමනාකරණය කිරීමටත්, ඉතිරි දෙදෙනා මුළු කණ්ඩායමේ නායකත්වයටත් පත් කරලා කණ්ඩායම සුදානම් කළා. කලින් අවුරුද්දට වඩා මේ අවුරුද්දේ ඔරුව පදවන්නාට ලැබෙන උපදෙස් සංවිධානත්මකයි.

ඒ අවුරුද්දෙත් තරඟය පැවැත්වුන. මනා කළමනාකාරීත්වයට පින්සිද්දවෙන්න ඒ අවුරුද්දේ ලංකාවේ කණ්ඩායම කිලෝමීටර් දෙකකින් පරාද වුණා. මේ වතාවේ නම් ඔරුව පදවන්නාට සමාවක් ලැබුනේ නෑ. ඔහුගේ උනන්දුව නැතිකමින් තරඟය පරාජය වීම හේතුවෙන් ඔහුව කණ්ඩායමෙන් නෙරපා හරිනු ලැබුවා.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com2tag:blogger.com,1999:blog-8284880669009793731.post-50485269087728075962011-02-18T11:26:00.002+05:302011-02-18T13:18:46.204+05:30ගුණදාස කපුගේ නම් වූ සොඳුරු මිනිසාගුණදාස කපුගේ කියන්නේ බොහෝ දෙනෙක් එකසේ ගරු කරන විශිෂ්ට සංගීතඥයෙක් කියන එක අවිවාදාත්මකයි. එතුමාගේ ගීත ප්‍රිය නොකරන කෙනෙක් නැති තරම්. නමුත්, එතුමා මීට ටික කාලෙකට කලින් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායමත් එක්ක එතුමාගේ ගීත කීපයක් එළිදැක්වූවා. පසුව බොහෝ සංගීතඥයන් එතුමාව අනුකරණයකලත්, ඒ දේ ඉස්සෙල්ලම කළේ කපුගේ මහතා නිසා , එතුමා කල දේ බොහෝ දෙනා විවේචනය කළේ දැඩි කලකිරීමෙන් (ඕනෑම දෙයක් ඉස්සෙල්ලම කරන කෙනා බැනුම් අහන එක ලෝක ස්වභාවය නේ :) ). එතුමාගේ ගීතවලට ඇලුම් කරන වැඩි පිරිසක් ඒ සංගීත සංයෝජනයට අකමැති වුනේ කපුගේ මහතාගේ ගීතවල තියන මිහිරියාව සන්ෆ්ලවර් සංගීත සුසංයෝගයේ නැතිකමයි කියලයි මට නම් හිතෙන්නේ. කවුරු බැන්නත්, තමන් විවේචනය කලත්, තමන් කල දේ සාධාරණීකරණය කරන්න වත් ඒ බැනුම් වලට උත්තර බඳින්නවත් එතුමා ඉදිරිපත්වුනේ නෑ. තමන් කරන දේ හරි කියන එක තමන්ගේ හිතට එකඟ නම්, ඒ දේවල් හරි කියන එක තමන්ට විශ්වාස නම් අපි කරන දේවල් සාධාරණීකරණය කරන්න අමුතුවෙන් උත්සාහ කරන්න ඕන නෑ කියන එක එතුමා විශ්වාස කලා කියන එකට කිසිම සැකයක් නෑ.

පසු කලක ගුවන් විදුලි නාලිකාවක් සමඟ තිබුණ සම්මුඛ සාකච්ඡාවකදී අග්‍රගණ්‍ය නාට්‍යකරුවක් වන සුගතපාල ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් විස්තරයක් කරලා තිබුණා. සුගතපාල ද සිල්වා මහතා රෝගාතුර වෙලා ඉන්න වෙලාවක, එතුමාගේ සැත්කමක් සඳහා සෑහෙන්න මුදලක් අවශ්‍ය වෙලා තිබුණාලු. ඒ මුදල් සොයාගන්න තමයි ගුණදාස කපුගේ කියන සොඳුරු මනුස්සය ඒ සා විශාල කැපකිරීමක් කරලා තිබුනේ කියල සුගතපාල ද සිල්වා මහතා හෙළි කරලා තිබුණා. තමන් ගැනවත් නොහිත, අනුන්ගේ දුකේදී පිහිට වෙලා, තමන්ට අහන්න ලැබෙන බැනුම් උපේක්ෂාවෙන් දරාගන්න මනුස්සයෙක්ට කොයිතරම් නම් ආත්ම ශක්තියක් තියෙන්න ඕනද?තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com3tag:blogger.com,1999:blog-8284880669009793731.post-41563833364752099512011-02-07T13:51:00.004+05:302011-02-07T14:35:11.289+05:30සුවඳ මට දී ........දහසකුත් එකක් වැඩසටහන් අතරේ "මියැසි තටාකය" කියන්නේ සිරස FM නාලිකාවෙන් කරන ඉතා හොඳ වැඩසටහනක්. බොහෝ දෙනා මේ වැඩසටහන රසවිඳිනවා කියල මම හිතනවා. ඉරිදා රෑට තමයි විකාශය වෙන්නේ. ඊයේ විකාශය වුනේ යමුනා මාලනී පෙරේරා මහත්මියගේ ගේය පදරචනා ගැන වැඩසටහනක් වෙන්න ඕන. මට සම්පූර්ණ වැඩසටහන අහන්න බැරි වුනා. මට අහන්න පුළුවන් වුනේ වැඩසටහනේ අන්තිම කොටස විතරයි. මුල ඉඳල අහන්න ලැබුන නම් කොච්චර හොඳයි ද කියල හිතුනේ එතකොටයි. එතුමියගේ පදරචනා එතරම්ම අලංකාරයි.

වැඩසටහනේ අවසාන ගීතය විදියට තෝරාගෙන තිබුනේ එක්තරා ගැමි තරුණයෙකුට සිද්ධවෙච්ච සත්‍ය සිද්ධියක්. ඔහු ගොවිතැන් කරලා ජීවත්වන අහිංසක තරුණයෙක්. අගහිඟකම් නිසා කුඩා කාලෙම අධ්‍යාපනය අතරමග නවත්වල ගොවිතැන්, කුලීවැඩ කරල තමයි ඔහු ජීවත්වෙලා තියෙන්නේ. ඔහුගේ පෙම්වතියත් ඔහු වගේම දිළිඳු කෙනෙක්. නමුත් ඔහු අධ්‍යාපනයේ අගය වටහාගෙන තිබුන නිසා තම පෙම්වතියගේ අධ්‍යාපනය නවත්වන්න ඉඩ නොදී දිගටම ඒ සඳහා තමන් දහදිය මහන්සියෙන් හම්බකළ දේ වියදම් කලා. ඒ තුලින් ඈ සරසවි වරම් ලබාගෙන තිබුනා. ඔහු, ඇගේ සරසවි වියදම් පවා දරා තිබුනා. නමුත් ඇය අධ්‍යාපනයෙන් දියුණු වෙනවිට තම පෙම්වතාගේ තත්වය ඇයට මදි වුනා. ඇය ටිකෙන් ටික ඔහුව මඟ ඇරලා තිබුනා. මේ සිද්ධිය යමුනා මාලනී පෙරේරා මහත්මිය ම පෞද්ගලිකවම හමුවෙලා ඔහු කියල තිබුනා. ඔහුට තමන්ගේ ගමට ගියත් මතක් වෙන්නේ මේ සිද්ධිය යි. අනෙක් අය අත්විඳින ස්වභාව සෞන්ධර්යය අත්විඳින්න ඔහුට දැන් බෑ. මේ සිද්ධිය ඔස්සේ තමයි එතුමිය, චන්දන ලියනආරච්චි මහත්මයා ගායනා කරන "සුවඳ මට දී" කියන ගීතය ලියල තියෙන්නේ. මේ ගීතයේ එතුමිය "මා රැවටුවා මලවී" කියන වාක්‍ය ඛණ්ඩය භාවිත කරලා තියනවා. "මලවී (අනංගය)" කියන තේරුමත් , "මල වී (මලක් වී)" කියන තේරුමත් යන තේරුම් 2 ම එන්න තමයි මේ ගීතය එතුමිය ලියල තියෙන්නේ. ගීතය මෙතනින් අහල බලන්න.

මේ සිද්ධිය හා සමාන, එහෙත් මෙහි පෙම්වතිය කළ දේ හා සමාන දෙයක් කළ මගේ මිතුරෙක් සිටී. ඇය විදෙස්ගතව උසස් අධ්‍යාපනය හදාරන සමයේ ඔහුගේ අධ්‍යාපනය සඳහා පොත් පත් ඒවා ඔහුගේ අධ්‍යාපනයට උපකාර කලද , බොහෝ කලක් දුක සැප දෙකේදී තිබූ ඔවුන්ගේ ඇසුර ඔහු නිමා කලේ ඇය තම තත්වයට තරම් නොවේ යයි පවසමිනි. වෙනස නම්, මොවුන් දෙදෙනා ම පෙර කතාවේ මෙන් දිළිඳු නොවීමයි.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com2tag:blogger.com,1999:blog-8284880669009793731.post-46955518235338208942011-02-03T11:31:00.000+05:302011-02-03T11:41:03.009+05:30පාරටම ගෙවෙනවා නේද ?පහුගිය දවස්වල අපේ රටේ වාහන ආනයනික බද්ද සැහෙන්න ගානකින් අඩු කළා . අගය කරන්න ඕන දෙයක්. මොකද, අපේ ගොඩක් අයට ඒ වාසිය නිසා වාහනවල හිමිකරුවන් වෙන්න පුළුවන් වුනා. (මට නම් තාම බැරි වුනා. :D). ඒත්, මේ වාහන වැඩි වීම දරාගන්න අපේ රටේ තියන පාරවල් කොච්චරදුරට පොහොසත් ද කියන එක ටිකක් හිතල බලන්න ඕන දෙයක්. මොකද, අපේ රටේ  තියන වාහන තොගය අපේ පාරවල් වලට දරාගන්න කොහොමත්ම බෑ . හැමදාම මාර්ග තදබද (මාර්ග තදබදයට අපේ අය වාහන පදවන විදියත් සැහෙන්න බලපානවා තමයි :) ). මේ හේතුවෙන් වෙන්නේ වාහන වල ගමන් කරන අයගේ වටිනා කාලයත්, ඉන්ධනවලට පිටරටට ඇදිලයන සල්ලි කන්දරාවකුත් නාස්තිවීමක්. පිටරටක වැඩකරන මගේ ඥාති සහෝදරයෙක් එක්ක දවසක් කතා කරන වෙලාවක එයා කියනවා, "මල්ලි, මගේ ඔෆිස් එක තියෙන්නේ ගෙදර ඉඳල කි.මී 25 ක් දුරින්. මට ගෙදර ඉඳල එතෙන්ට යන්න විනාඩි 6 යි යන්නේ" කියල.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com5tag:blogger.com,1999:blog-8284880669009793731.post-63427479054555849712011-01-27T18:01:00.000+05:302011-01-27T18:02:38.740+05:30රැකියා ස්ථාන මාරුවදිවා රෑ වෙහෙසී
දැන උගත් සිප් සතර
දේශපාලුවෙකුගේ
නොවටිනා අත්සනට
බාල්දු වන අරුම තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com2tag:blogger.com,1999:blog-8284880669009793731.post-88546063667968238982010-12-15T15:42:00.002+05:302010-12-15T15:45:40.891+05:30මානසික සුවයඅපි කෙතරම් කාර්යබහුල වුනත්, ඒ කර්යබහුලබව පොඩ්ඩකට පැත්තකට තිව්වම (අමතක කලාම) හිතට ලැබෙන මානසික සහනය මෙපමණක් යැයි කියන්න බැරි තරම්. මානසික සහනය අපේ ජීවිතවලට අත්‍යවශ්‍යම දෙයක්. අද උදේ ඉඩක් ලැබුන නිසා ගංගාරාමයේ සීමාමාලකයට යන්න අවස්ථාවක් ලැබුණා (මීට කලින් එක දවසයි එතැනට ගිහින් තිබුනේ). කාර්යබහුල මාර්ගයක් අසල පිහිටලා තිබුනත් හරිම ලස්සන, නිස්කලංක තැනක්. එතැනට (එතැනට විතරක් නොවෙයි, ඕනෑම පන්සලකට) ගියාම මානසිකව ලැබෙන නිදහස, සහනය වචනයෙන් විස්තර කරන්න ටිකක් අමාරුයි :-). ආගම දහමත් එක්ක මිනිස් ජීවිතය කොයිතරම් නම් බද්ධ විය යුතුද කියන එක අපිට පන්සලකට ගියාම හොඳාකාරවම අත්දකින්න පුළුවන් (අනෙක් ආගම්වල සිද්ධස්ථාන ගැන මම හරියටම දන්නේ නම් නෑ. ඒත් ඒ සිද්ධස්ථානත් එහෙම වෙන්න ඇති කියල මට හිතෙනවා).තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com2tag:blogger.com,1999:blog-8284880669009793731.post-38250762127534179892010-11-18T10:33:00.004+05:302010-11-19T14:00:12.600+05:30රන් මීවිත පුරවා සුරතේ හොවා .........පසුගිය දිනක කාර්යාලයේ දිවා භෝජනය ගන්නා ස්ථානයේදී සිදු වූ සිද්ධියක් පළ කිරීමට සිත් වූයේ එහි අන්තර්ගතයේ ඇති සමාජමය වටිනාකම නිසාවෙන්මය.

"කවුද බං අර මම බොන ෆොටෝ facebook එකට දාපු බූරුවා?" මුxx ගේ කටහඬ ඉතා බලවත් ය.

සිදුවී අත්තේ ඔවුන් පසුගිය දා සහභාගී වූ විවාහ මංගල සාදයකදී මුxx මධුවිත පානය කරන ඡායාරූපයක් ඔහුගේ මිතුරෙකු විසින් facebook සමාජ ජාලයේ පළකිරීමත්, එය මුxxගේ සහෝදරිය දැකීමත් යි. ඒ පිළිබඳ මුxxගේ සහෝදරිය ඔහුගෙන් විමසා ඇත. ඔහු ඉන් මහත් අපහසුතාවයට පත් වී ඇති බව ඔහුගේ කතාවෙන් තහවුරු විය.

එම වාග් මාලාවට පිළිවදන් සැපයූයේ සxxx ය.

"ඔච්චරම තමන්ට අවනම්බු නම්, අපහසුතාවයට පත්වෙනවා නම් ඇයි ඔයා බොන්නේ? තමන් කරන දේවල් හොර රහසේ නැතිව එළිපිට කොන්දක් ඇතිව කරන්න තමන්ට ආත්ම ශක්තිය තියෙන්න ඕන. එහෙම නැත්නම්, තමන් ඒ දේවල් වලින් අපහසුතාවයට පත්වෙනවා නම්, ඒවා නොකර ඉන්න තමන් දැනගන්න ඕන. බොන වෙලාවට ලොක්කෝ වගේ බීල, ඒ වෙලාවට ඕන දෙයක් කරලා, වෙරි හිඳුනම තමන්ට වෙච්ච දේවල් ගැන පසු තැවිල වැඩක් නෑ. ඒවා නොවෙන්න තමන් වග බලාගන්න ඕන. ඒවා හොඳ නැත්නම් නොකර ඉන්න ඕන. ඒවායේ ආදීනව දන්නා නිසා තමයි අපි නොබී ඒ දේවල් නොකර ඉන්නේ."

සxxx ගේ පිළිතුර තුල ඔබට සිතන්නට කෙතරම් නම් දෙයක් ගැබ් වී ඇත්ද ?තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com19tag:blogger.com,1999:blog-8284880669009793731.post-53958323893725230152010-11-05T16:34:00.001+05:302010-11-05T16:37:46.318+05:30අනෙකාගේ අයිතිය දියේ ගිලීමඅප සියලුදෙනා ම ඍජුව ම මහාමාර්ග භාවිත කරන්නන්. එහෙත් මහමර්ගයකදී අනෙකාගේ අයිතියට ගරු කරන්නේ කීයෙන් කී දෙනාද ? මේ දිනවල නිතර අපට වර්ෂාව අත්දකින්න පුළුවන් දෙයක්. එහෙම වෙලාවට විශේෂයෙන්ම ඔබ භාවිතා කරන්නේ මෝටර් රථයක් වැනි සංවෘත වාහනයක් නම් අනිවාර්යයෙන්ම මේ දේ ගැන ඔබ අවදානයට ලක් කල යුතු වෙනවා. මාර්ගය භාවිතා කරන අනෙකා පදිකයෙක්, පාපැදියක් හෝ මෝටර් බයිසිකලයක් නම්, තමන් නොතෙමීගියත් ඔවුන් වර්ෂාවෙන් (ඔබට වඩා) පීඩා විඳින පිරිසක් බව සිහිතබාගෙන යාම වඩාත් මානුෂිකයි නේද ? මෙහෙම ලියන්න හිතුනේ පෞද්ගලිකවම මේ දේ අත්දකින්න සිදුවුණා නිසා.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com4tag:blogger.com,1999:blog-8284880669009793731.post-6669035566562051102010-11-03T08:48:00.002+05:302010-11-03T09:18:47.563+05:30සුවිශේෂී පදරචනාගීත රසවිඳීමට අකමැති කෙනෙක් අප අතර නොමැති තරම් ය. අද කාලයේ බිහිවන ගීත කෙසේ වෙතත් පැරණි ගීත ඇසීමට බොහෝ දෙනා ප්‍රිය කරති. ගීතයක් වූකලී පද රචනය, සංගීතය හා ගායනය යන ත්‍රිත්වයේ සංකලනයකි. මේ ත්‍රිත්වයේ මනා සංකලනයෙන් විශිෂ්ට නිර්මාණ බිහි වේ. මින් පද රචනයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි. බොහෝ ගීත රචකයන් ගීත විශාල ප්‍රමාණයක් රචනා කර ඇති අතර ඉන් බොහොමයක් ජනප්‍රිය ගීත වේ. නමුත් සමහර ගීත රචකයන් රචනා කර ඇත්තේ එක ගීතයක් හෝ දෙකක් පමණි. එහෙත් එම ගීත අප අතර සදා අමරණීය වේ.

සිරිල් සමරකෝන් මහතා ලංගම බස් කොන්දොස්තරවරයෙක් ලෙස සේවයේ යෙදෙන අතර, මහමඟ දුටු දර්ශනයක් පාදක කරගනිමින් ඔහු අතින් ලියවුනු "කැරකෙන රෝදේ පුංචි කරත්තේ" ගීතය මේ සඳහා කදිම උදාහරණයකි. මෙම ගීතය සංගීතවත් කරනු ලැබුවේ කලණි පෙරේරා මහතා විසිනි. මෙම ගීතය පෞද්ගලිකවම මා ඉතා ඇලුම්කරන ගීතයකි. මා කුඩා කල මාගේ ආදරණීය පියා විසින් මා නැළවීමට මේ ගීතය ගායනා කල බව මගේ මව දිනක් මා සමඟ පැවසූවාය. එම සිද්ධියත් සමඟ මේ ගීතයට මාගේ ඇති කැමැත්ත දෙගුණ තෙගුණ වූ අතර එම ගීතය මා රසවිඳින සෑම අවස්ථාවකදී ම මාගේ ආදරණීය පියා ගැන මට ඇතිවන්නේ අප්‍රමාණ සෙනෙහසකි. දෙහිඕවිට සරත් ආනන්ද ඩිරෙක්ස් මහතා රචනා කල "නෙතු දැහැන් බිඳී හද විමන් වඩී" ගීතයද තවත් උදාහරණයකි. මෙහි සංගීතයද කලණි පෙරේරා මහතාගේ වන අතර මෙම ගීත දෙකෙහිම ගායකයා විශාරද එඩ්වඩ් ජයකොඩි මහතාය.

පවුලක් තුල සිදුවන ඉතා කුඩා සිද්දියක් මුල් කරගනිමින් උදය චාමරසිංහ මහතා රචනා කළ "රූං පෙත්ත කැරකෙනවා කෝම්පිට්ටු ඉදිවෙනවා" ගීතය මේ සඳහා තවත් උදාහරණයකි. දයාරත්න රණතුංගයන් ගයනා කරන, "ගී කියන්න මට කීවේ ඔබේ නෙතයි" ගීතය රචනා කළේ ගාමිණී ලේල්වල මහතා ය. "සරසවියේදී හෙට විතරයි හමුවන්නේ" ගීතය සිරිසමන් විජේතුංග මහතාගේ රචනයකි.

දුන්හිඳ අල්ල නරඹා පැමිණෙන නරඹන්නන් පවසා නිවා ගැනීමට අතර මඟ දී බෙලිමල් පානය කරති. නමුත් ඔවුන් එම වෙළඳුන්ට වංචා කොට මුදල් අඩුවෙන් දී යයි. මෙම සිද්දිය පාදක කර ගනිමින් රුචිර පරණවිතාන මහතා "බොරළු ඇනෙන පය රිදවන වෙහෙස මඳක් නිවාගන්න" ගීතය රචනා කල අතර ඔහු නැවතත් ගීත රචනා කර නොමැත.

කිත්සිරි ජයසේකර මහතා ගායනා කරන "ගිනිමලක් පිපුනාය දොරකොඩ වරක් නොව තව වතාවක්" ගීතය ධම්ම දිසානායක හා කීර්ති ආරියදාස යන කථිකාචාර්යවරුන් ගේ පද රචනයකි.

සනත් නන්දසිරි මහතා ගයනා කරන "එදා මෙදා තුර කඳුලට විවරවූ දෑස් පියන් පත් කවුළු වසා" ගීතය රචනා කලේ විමල් ජයශාන්ත මහතාය. මා දන්නා තරමින් මෙම ගීතය ඒ මහතාගේ සත්‍ය අත්දැකීමක් වන අතර, තම ආදරවන්තියගේ හදිස්සි වියෝව දරාගැනීම කෙතරම් නම් අපහසුදැයි එම ගීතයෙන් එතුමා සංවේදීව පවසා ඇත. එම ගීතයෙන් පසු එතුමා ගීත රචනා කර නොමැත.

ගීතයක් සඳහා පදරචනය කෙතරම් සුවිශේෂී ද යන්න සඳහා මේ උදාහරණ කීපයක් පමණි. ඒ සඳහා පුද්ගලයෙක් රචනා කල ගීත ප්‍රමාණය නොව එහි ගුණාත්මකභාවය පමණක් ම නොසෑහෙන්නේද ?තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com2tag:blogger.com,1999:blog-8284880669009793731.post-9451263801344604402010-10-25T22:32:00.002+05:302010-10-25T22:39:49.252+05:30රෝදය ......දවස නිමවී කාර්යාලයෙන් නිවෙස බල යාමට සැරසුනද, බයිසිකලයේ ඉදිරිපස රෝදයේ හුලං නැත. හ්ම්ම් ... දැන් ඉතින් මොනවා කරන්නද? ටයර් කඩයක් හොයන එක එච්චර ලේසි නැතිවුනත් බයිසිකලය තල්ලු කරගෙනම ටික දුරක් අවිද ගියෙමි .

"මේ හරියේ ටයර් කඩයක් තියනවද ?"

නවතා තිබූ තුන් රෝද රථයක් අසලට ගිය මම, මාගේ හඬ අවදි කළේය. අප ඔවුන්ගේ වාහන පැදවීම ගැන කෙතරම් දොස් කීවද, පාරක් දැනගැනීමටත් , යම්කිසි ස්ථානයක් දැනගැනීමටත් නිතැතින් තුන් රෝද රථයක් වෙත පිය නැගීම කෙතරම් දෛවෝපගතද ?

"එහා හන්දියේ තියනවා."

ඔහු මට ඈත තිබෙන කඩයක් පෙන්විය. එම වදන් මට මහත් අස්වැසිල්ලක් විය.ඔහුට ස්තූති කළ මම නැවත ගමන ඇරඹීමි. තරමක කඩයක් බලාපොරොත්තු වූ මම නතර වූයේ ගෙවල් පේලියක එක් නිවසක් ඉදිරිපසය. ටයර් කඩය වූයේ ඔවුන්ගේ නිවසේ ඉස්තොප්පුවය. ඉතා කුඩා නිවසක් වූ එහි එදා වේල පිරිමහගන්නේ මේ කුඩා ටයර් කඩයෙනි. කඩහිමියා කඩිනමින් දෝෂය සොයා එය කඩය තුලට දී තවත් රෝදයක් ගලවන්නට විය. එහි ඉතිරි පිළියම් සිදු කරන්නේ ඔහුගේ බිරිඳය.

"මම පන්සලට ගිහින් එන්නම්."

තම කාර්යය අවසන් කළ ඇය සැමියා ඇමතීය.

"ඇයි ඒ ? අජිත් කියපු කාරණාවට ද ?"

සැමියා නෝක්කාඩුවට මෙන් ඇසීය.

"ඔය රැස්වීම් වලට යන්න ඕන නෑ. මෙන්න මේ තියන වැඩක් බලාගෙන ඉන්න."

එවර හඬ අණදීමකි.

"නොගිහින් හිටිය වගේ නෙවෙයි. අන්තිමට ඉන්න තැනත් නැති වේවි."

ඉතා කුඩා ගෙවල් පේලියක තවත් එක් කුඩා නිවසක් වූ එහි අයිතිය රැක ගැනීමට ඇය පිටත් වූ අතර සැමියා එදාවේල රැක ගැනීමට තවත් රෝදයක් පිළිසකර කිරීම ඇරඹීය.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com2tag:blogger.com,1999:blog-8284880669009793731.post-89044395108248005762010-10-21T10:08:00.002+05:302010-10-21T10:20:18.311+05:30ඔබ සිටිනා තැන ....දැනුම, හැකියාවන්,දක්ෂතාවයන් සහ පලපුරුද්ද ඵලදායී ලෙස යොදාගැනීමටත් එයින් මානසික තෘප්තියක් ළඟාකරගැනීමටත් හැකි වන්නේ ඔබ සිටිනා තැන නිවැරදි නම් පමණක්යැයි කියමනක් මා අසා ඇත.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com1tag:blogger.com,1999:blog-8284880669009793731.post-72325990225110269782010-10-18T15:01:00.000+05:302010-10-18T15:07:40.402+05:30මාර්ග නීති , කාර්යබහුලත්වය සහ මනුස්සකමඕනෑම රටක මාර්ග නීති පද්දතියක් පිහිටුවාගෙන තියනවා. එහි අවශ්‍යතාවය අවිවාදාත්මකයි. ඈත අතීතයේ නොතිබුනත්, රථ වාහන පැමිණීමත් සමඟ මාර්ග නීති පද්දතියේ අවශ්‍යතාවය අපිට තදින්ම දැනෙනවා.

මේ මාර්ග නීති මොනතරම් නම් තර්කානුකූලද කියල ටිකක් කල්පනා කරලා බලනකොට ඕනෑම කෙනෙක්ට වැටහෙනව.

දකුණ බලා වම බලන්න
නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත්නම්
ඉක්මනින්ම මාරු වෙන්න

පොඩිකාලේ අපිට පාසලේදී මෙහෙම උගන්වන්නේ, අපේ ආරක්ෂාවත් රියදුරන්ගේ පහසුවත් රැකගෙන පාර මාරු වෙනයි. පදිකයන් භාවිතා කල යුත්තේ පාරේ දකුණු පසත්, රථවාහන භාවිතා කල යුත්තේ පාරේ වම් පසත් යන්න තුල, පදිකයා හා රියැදුරා කෙතරම් නම් සුරක්ෂිතද ?

නමුත් මේවා දැන් ඉන්න ළමා පරපුර පිළිපදිනවද කියන එකත් ප්‍රශ්නයක්. ළමා පරපුරට ආදර්ශයක් වීමට අඩුම තරමින් වැඩිහිටි පරපුර වත් මාර්ග නීති පිළිපැදිය යුතුයි. කෙතරම් පදික මාරු තිබුනත්, මින්ස්සු තමන්ට හිතෙන හිතෙන තැන් වලින් පාර මාරු වෙනවා. හොඳම උදාහරණය බොරැල්ල මංසන්දියේ ඇති උමං පදික මාරුව. විශාල මුදලක් වියදම් කරලා පදිකයන්ගේ ආරක්ෂාවත්, රියදුරන්ගේ පහසුවත් තකා ඉදිකරලා තියන මේ උමං මාර්ගය භාවිතා නොකර, සමහර මිනිස්සු ප්‍රධාන මාර්ගයෙන්ම පාර මාරු වෙනවා. මාර්ග නීති පිළිපදින්නේ නැතුව පදිකයන් විදියට පාරේ ගමන් කරලා අන්තිමට අනතුරක් වුනාම ගොඩක් වෙලාවට එකේ වරද පැටවෙන්නේ වාහනයක රියදුරාට. අනිත් අතට සමහර රියදුරන් පදික මරුවකදීවත් තමන්ගේ වාහනයේ ධාවන වේගය අඩු කරන්නවත්, නවත්වන්නවත් අකමැතියි . ලඟදි දවසක පදික මාරුවකින් මාරුවෙන පදිකයන් පිරිසකට, මොටර් රථයක් ධාවනය කරගෙන ආපු නෝනා කෙනෙක් එයාගේ ගමන මදකට නවත්වල පදිකයන්ට පාර මාරු වෙන්න ඉඩ දෙන්න වුනා කියල අත දික්කරලා පදිකයන්ට බනිනවා මම දැක්ක. තමන්ගේ අයිතිය පාවිච්චි කරන්නවත් පදිකයන්ට නිදහස නැති හැටි. අනෙක් මිනීසෙකුට ගරු කිරීමට බැරි සමාජයක් බිහිවෙන අපූරුව.

රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ලිඛිත පරීක්ෂණයක් දැන් පවත්වනවා. එහිදී පුළුල් ලෙස, රියදුරෙක් පදිකයන් ගැන සැලකිලිමත් විය යුත්තේ කෙසේද කියන කාරණය සලකා බැලෙනවා. නමුත් බොහෝ දෙනා මාර්ග නීති ගැන උනන්දු වෙන්නේ රියදුරු බලපත්‍රය ලබගන්න තෙක් පමණයි. ඊටපස්සේ තමන් පමණක් පාරේ යන්නේ කියන මානසිකත්වයෙන්ම පාරේ යනවා. දැන් තියන රියදුරු පුහුණු ආයතනත් මේ තත්වයට සැහෙන්න වග කියන්න ඕන. සල්ලි අරගෙන කෙසේ හෝ රිය බලපත්‍රය ලබාදෙන්න මේ අය සැදී පැහැදී ඉන්නවා. එක අතකට, මුදල් පසුපස හඹායන ලෝකයක මනුස්සකම මුදලට යටවීම පුදුමයකුත් නෙවෙයි .තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com9tag:blogger.com,1999:blog-8284880669009793731.post-84062408691085457202010-10-06T14:56:00.000+05:302010-10-06T15:40:10.142+05:30පිවිසුම.........ජීවිතේ බොහෝ අවස්ථාවල හිතට දැනෙන දේවල් ලියන්න මගේම කියල බ්ලොග් එකක් තිබුන නම් කොච්චර හොඳයි ද කියල හිතුන වාර අනන්තයි. සමහර වෙලාවට හිතෙන දේවල් ලියන්න දින පොතේ ඉඩ මදි වෙනවා. එත්.... මොකක්හරි හේතුවකින් ඒක කල් ගියා. කොහොමහරි අන්තිමේදී අත්හදා බැලීමක් විදියට මට බ්ලොග් එකක් හදන්න සිද්ද වුනා. අත්හදා බැලීමත් සාර්ථකයි. අන්තිමට මම මගේම බ්ලොග් එකක් පටන් ගත්ත.තිවංකhttp://www.blogger.com/profile/04204745469124287487noreply@blogger.com6