ගූඩ් ඊව්නින්ග් සර් ....
Posted by තිවංක | | Posted On Thursday, August 23, 2012 at 1:22 PM
එය මීට වසර කිහිපයකට පෙර එක්තරා දිනයක රාත්‍රී 10 ට පමණ ය. මම, මාගේ හිතවතුන් කීප දෙනෙකු සමඟ පෞද්ගලික රෝහලක සිටි රෝගියකු බැලීමට ගොස් නවාතැන බලා පැමිණෙන අතර මරදාන ප්‍රදේශයේදී පොලිසිය විසින් අප ගමන් කල රථය නැවත්වීමට සන් කළේය. එම මොහොතේ රථයේ රියදුරා මා වූ බැවින්, රථයේ බලපත්‍ර සහ මාගේ රියදුරු බලපත්‍රය රැගෙන පොලිස් නිලධාරියා වෙත යාමට රථයෙන් බසින්නටත් මත්තෙන්, ඔහු අපගේ රථය අසලට පැමිණ සිටියේය.
"ගූඩ් ඊව්නින්ග් සර්................... වාහනේ ලයිෂන් ඉන්ෂූවරන්ස් දෙනවා ද ?"
ඔහුට රථයේ බලපත්‍ර සහ මාගේ රියදුරු බලපත්‍රය ලබා දී, මම, මාවම කොනිත්තාගෙන බැලූයේ මා සිටින්නේ සිහිනයක් දකිමින් ද නැද්ද යන්න සැක හැර දැනගැනීමට ය. නැත නැත...... එය සිහිනයක් නොවේ. ඔහු වෙනත් රටක පොලිස් නිලධාරියෙක්ද නොවේ. ඔබත් මමත් දිනපතා බනින, සාමාන්‍යයෙන් උස්(යැයි කියන) තැන් දැක හැකිලෙන, මිටි තැන් දැක පුප්පන, නිලධාරීන් බහුතරයක් සිටින අපේ රටේ පොලිසියේම තවත් එක් අසාමාන්‍ය නිලධාරියෙකි.
"තෑන්ක් යූ....... ගූඩ් නයිට් සර්"
බලපත්‍ර පරීක්ෂාව නිම වීමෙන් පසු ව සියල්ල නැවතත් මා හට ලබා දුන් ඔහු අපට යාමට අවසර දුනි.
තවමත් අනෙක් මිනිසුන්ට හොඳින් ආමන්ත්‍රණය කරන ගරු කටයුතු නිලධාරීන් ඉතාමත්ම ස්වල්පයක් පොලිසියේ සේවය කරන බව නැවතත් මතකයට පැමිණියේ ඊයේ දිනයේද මීට ආසන්න සිද්ධියක් අත්දැකීමට සිදු වූ බැවිනි. එවැනි ගරු කටයුතු නිලධාරීන්ට උපහාරයක් පිණිස මෙය, මෙසේ සටහන් තබමි.

This is true, I don’t know about other regions, in Colombo this happens, in mean time some of Police personals are speak very polite Sinhala something like “Mahathmaya obe riyadhuru balapathraya saha rakshana aawaranaya idhiripath karanna”. May be someone instructed them to speak like that, but anyway it’s a good way to keep peoples friendly Police service but the problem arising when you commit an unlawful thing, then the real face come out from “some” policemen’s and then such nice wordings changes to bribes and etc.
-Prasaa
1%ක් විතර පිරිසක් ඉන්නව
ගොම බිංඳු කීපයක් නිසා තමයි කිරි කලේ නරක් වෙලා තියෙන්නේ.
බහුතරයක් වැරදි කරන තැන් වල උනත් හොඳ ගති ගුණ ඇති මිනිස්සු ඕනෑ තරම් ඉන්නවා. මේත් ඒ වගේ අය...
පොලිසියේ සම හරක් නම් එහෙම නැහැ ..
ඒ වුනාට හොඳ අයත් ඉන්නවා.
ඔවු. පොලිසියේ බහුතරය නම් කිසිම වැදගැම්මකට නෑ. රස්සාවක් නැති නිසාම පොලිසියට බැදෙන අය තමයි බොහෝ දුරට එහෙම වෙන්නේ. ඒත්, බොහොම කලාතුරකින් හොඳ කෙනෙක් ඉන්න පුළුවන් රැකියාව නියම ආකාරයෙන් ම කරන.
ඕක මටත් කීප දවසක ඉඳන්ම නෝට් උණා. ඔවැනි නිලධාරීන්ට අපේ ප්‍රණාමය.
:)