මහන්සියෙන් තොර (ජය)ග්රහණය
Posted by තිවංක | | Posted On Friday, June 15, 2012 at 3:31 PM
පහුගිය වෙසක් පෝයට අපේ කාර්යාලයෙන් වෙසක් කූඩු තරඟයක් සංවිධානය කරලා තිබුන. ඉතින් හැමෝම බොහොම උනන්දුවෙන් වෙසක් කූඩු නිර්මාණය කළා. අපේ කණ්ඩායමට අට (8) දෙනෙක් හිටිය.
කාර්යාල වෙලාවේ ඔය වැඩේ කරන්න බැරි නිසා, තරඟයට කලින් දවසේ හවස ටිකක් වැඩිපුර ඉඳල කූඩුව හදන්න කට්ටියම කැමති වුණා. කණ්ඩායමේ අට දෙනෙක් හිටිය කිව්වට ඇත්තටම කාර්යාල වෙලාවට පස්සේ නැවතිලා වැඩ කලේ හත් (7) දෙනයි. එක්කෙනෙක් වෙනද වෙලාවටම කාර්යාලයෙන් ගියා. එයාට මොකක්දෝ පෞද්ගලික වැඩක් තියනවා කියල වෙන කෙනෙක් කියනවා මට යාන්තමට වගේ ඇහුන. කොහොම හරි අනෙක හත් දෙනාම සැහෙන්න මහන්සි වෙලා කූඩුවේ වැඩ කළා. අනෙක් හත් දෙනාගෙන් දෙදෙනෙක් ම වෙනත් ආගම් අදහන දෙදෙනෙක්. නමුත් ඒ දෙදෙනාත් සැහෙන්න මහන්සි වෙලා කරපු වැඩ ටික ඇත්තටම අගයකරන්න ඕන. අපි එදා කාර්යාලයෙන් ගෙදර යනකොට පාන්දර 2 විතර වුණා.
තීරණය දෙන්න නියමිත වෙලා තිබුනේ පහුවෙනිදා උදේ 11 ට. ඊට කලින් කූඩුවේ ඉතිරි වැඩ ටික ඉවර කරන්නත් තියන නිසා පහුවෙනිදත් කට්ටිය උදෙන්ම ආව. කලින් දවසේ වගේම කට්ටිය සැහෙන්න මහන්සියෙන් වැඩ කළා. නමුත් අර කලින් දවසේ වේලාසනින් ගියා කෙනා අඩුම තරමේ එදා උදේ වත් වැඩ වලට උදව් වෙන්න ආවේ නෑ. අන්තිම මොහොතේ කොඩි වැල් ටිකක් එල්ලන්න ආව. කවුරුවත් එයාට එන්න කියල බල කලෙත් නෑ. මොකද, ඒ දේවල් වලට සහභාගී වෙන්නත් වසනාව, ලැබීම තියෙන්නේ ඕන නේ. :) කොහොම හරි තරඟයෙන් අපේ කණ්ඩායමට පළවෙනි තැන ලැබුණා. ඒ වගේ වෙලාවට සමූහ ඡායාරූපයකුත් ගන්න එක ඉතින් අලුත් දෙයක් නෙවෙයි නේ. කට්ටියත් එක්ක ගත්ත සමූහ ඡායාරූපයට අර මනුස්සයත් ඇවිල්ල ලස්සනට පෙනී හිටිය.
"උඹත් ඔය team එකේ ද ? මම උඹව ඊයේ රෑ ඉන්නවා දැක්කේ නෑ නේ. "
ඡායාරූපය ගත්ත මිත්රය ඇඟට නොදනී කිව්වා.

හරි වටින කේස් එකක්..කොට අදින්න ටික දෙනයි පෙරහැර යන්න ටික දෙනයි...කොටස් දෙකයි...
අපි එදා කාර්යාලයෙන් ගෙදර යනකොට පාන්දර 2 විතර වුණා.
ආරංචියි.
මොනා උනත් වෙසක් කූඩු ටික ලස්සනට තිබ්බා.
@Amila- කොහොමත් ගොඩක් වෙලාවට එහෙම නේ වෙන්නේ
@Wickum - ඔවු . ලස්සනට තිබුන. පින්තූර දකින්න ඇති නේ :)
හඃ හා,, ගණන් ගන්න එපා. ඔහොම වෙනව.
එහෙම තමයි අලේ ගොඩක් අය ..ඔන්නොහේ අපිට මොකෝ.. වගාවේ හැටියටනේ අස්වැන්න..
:)
Haffa... Ape team eketh ehema kenek hitiyane... :D
වසර ගණනාවකට පසුත් මේ සිද්දිය යලිත් ඊයේ මෙලෙසම සිදුවූ නිසාවෙන් මේ පොස්ටුව කියවීමට මග පැහැදුනි.
පුදුමය නම් මේ පොස්ටුව ලියු තිවන්කත්, මමත්, මෙම පොස්ටුවේ කියැවෙන පුද්ගලයාත් මේ අවස්ථා දෙකේදීම එකම කණ්ඩායමකට වැටීමත් මෙවැනිම පින්තුරයකට එම පුද්ගලයා එදා සේම පෙනිසිටිමත් ය.. ෆීලින්ග් ඕසම් :)