දුම්රිය මොහොතක් නතර වුනේ .........
Posted by තිවංක | | Posted On Friday, May 27, 2011 at 8:57 AM
සති අන්තයක ආරම්භය වූ බැවින් දුම්රිය, මඟීන්ගෙන් පිරී තිබුණි. තරමක් පටු බෝක්කුවක් පසු කරමින් තිබූ දුම්රිය, බොහෝ වෙලාවක් නාද වූ නලා ශබ්දයත් සමඟ, තම ගමන ද මඳකට නතර කළේය. ඒ වන විටද දුම්රියේ ගැටී සිහි සුන්ව සිටි පුද්ගලයෙක් දුම්රිය යටින් පිටතට ගැනුනේ බොහෝ මඟීන්ගේ උපකාරයෙනි.
"නවත්ත ගන්න සැහෙන්න පුළුවන් කම තිබුන. අපරාදේ නවත්තගත්තේ නෑ නේ"
දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටි ගම් වැසියකු දුම්රිය රියදුරාට දෙස් තියනු ඇසුනි. එතරම් විශාල යකඩ ගොඩක් එක වර නැවත්වීමට යාමෙන් සිදු විය හැකි ජීවිත හානිය කෙතරම් විය හැකිද යන්න ගැන ඔහු ඒ මොහොතේ තකන්නේ නැති බව පැහැදිලිය. දුම්රිය මාර්ගයේ මිනිසුන්ට ගමන් කිරීම තහනම් කර ඇත්තේද එම ප්රයෝගික අපහසුතාව නිසාම බව ඔහුට අමතකව ගොස් ද, එසේත් නැත්නම් ඔහු ඒ පිළිඹඳ ව නොදන්නේද යන්න සෙවීමට කිසිවෙකු උත්සාහ නොකළේ ය. හදිස්සි අනතුරකදී බොහෝදෙනා, තුවාලකරුවන් රෝහලකට ගෙනයාමට පසෙක තබා වරදකරු සොයා දඬුවම් දීමට යාම දැන් දැන් සුලභව සිදුවන්නේ මිනිසුන්ගේ මනස විකෘති වීමක් නිසාද යන්න ගැන මා හට වැටහීමක් නම් නැත.
මඟීන්ගේ උපකාරයෙන් ම අනතුරට පත් පුද්ගලයා දුම්රියට, ඒ සඳහාම දුම්රියේ ඇති ඇඳක් වැනි උපකරණයක තබා, මා ගමන් කල දුම්රිය මැදිරියටම නංවා ගත්තේය. තුවාල සිදුවී ඇති ආකාරයෙන්, එය සියදිවි නසාගැනීමට තැත් කිරීමක් නොව හදිස්සි අනතුරක් බව පැහැදිලි ය. තම ජීවිතයේ මැදියම් වයසට එළඹෙමින් සිටි අසරණ මිනිසා දෙස මගීන් බලා සිටියේ මහත් වූ අනුකම්පාවකිනි. ඔහුගේ හිසෙන් ගලාගෙන යන ලේ දුම්රිය මැදිරිය තුල ඒ මේ අත අනේක විද රටා මවයි. ඒ වන විට ද ජීවිතයත් මරණයත් අතර සටනක යෙදෙන ඔහුගේ සිරුර ඊ ළඟ දුම්රිය නැවතුම්පලට දුම්රිය බලධාරීන් භාර දෙන ලද්දේ, ක්රියා පිළිවෙල එය වූ බැවිනි. අසරණ මිනිසාගෙන් ගලා ගිය ලේ පැල්ලම, මඟියෙකු පත්තර පිටුවකින් වසා දැමුවද, අනතුරෙන් බොහෝ දෙනාට සිදු වූ කම්පනය නැති වීමට බොහෝ කලක් ගතවනු ඇත.
"ජීවිතේ මොනතරම් අවිනිශ්චිත ද ? විනාඩියකට කලින් රේල් පාරේ ගිය කෙනා ඊට ටිකකට පස්සේ කෝච්චියට හැප්පිලා."
මඟීන් දෙදෙනකුගේ දෙබසක් මට යන්තමට ඇසුනි.

2006 wage kale dawasaka mama me widihata train eke happunu kenek udata gatta.minissu baye lagata giye ne.bt eya marila hitiye ne.age hamatanma le.missu ke gahuwa "balanna epa kiyala". nobala idala hari yan ne.man behala gatta. :(
ගොඩක් වෙලාවට ඒ වගේ කෙනෙක් ට පිහිට වෙන්න මිනිස්සු බයයි. මනුස්සයෙක් ට උදවු කරන්න බැරි කම නෙවෙයි . මිනිස්සු ලේ දකින්න, තවත් මනුස්සයෙක් ට ඒ වගේ විපතක් වෙලා තියනවා දකින්න තියන බය නිසයි එහෙම කරන්නේ. ඔබ කල දේ අගය කල යුතුයි.
කෙනෙක්ට පිහිට වෙන්න ගියාම අනවශ්යා ප්රශ්ණ වලට පැටලීමක් කියලා හිතන්න සමාජය හුරුවෙලා තියෙන්නේ ඇයි කියලා මට නම් හිතා ගන්න බෑ. ඒ වගේ දෙවලින් වෙන්නේ වටිනා ජීවිතයක් නැති වෙන එක විතරයි...
දැන් දැන් මිනිස්සු බොහෝ යාන්ත්රික වෙලා. අනුන්ට උදවු කරන එක කෙසේ වෙතත් අනෙක් අය ගැන තැකීමක්වත් නැති තරම්. අඩුම ගන්නේ තමන් සමඟ එකම කාර්යාලයේ වැඩ කරන සහෝදර සහෝදරියන් සමඟ හිනාවෙන්න තරම්වත් බොහෝ අයට අපහසුයි.