ගොඩක් හිනාවෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත යට සැහෙන්න දුකක් තියනවා ......
Posted by තිවංක | | Posted On Monday, August 20, 2012 at 2:46 PM
"පුතේ, තාත්ත ඒ කාලේ මගේ පිට පැලෙන්න ගහල තියනවා."
මගේ තාත්තගේ අතිජාත මිත්‍රයෙක් ගේ ගෙදරට පසුගිය දිනක තාත්තත්, මමත් මගේ බිරිඳත් ගොඩ වුනු වෙලාවක තාත්ත ගැන තාත්තාගේ මිතුරා විස්තර කළේ ඔවුන් පාසල් කාලයේ කල ක්‍රීඩාවක් ඇසුරින්. තාත්තගේ බොහෝ මිතුරන් ආශ්‍රය කිරීමේ වාසනාව මට උදා වී තිබුනද, මේ මිතුරා මා දැනගෙන සිටියේ නාම මාත්රිකව පමණි. ඔහු වාසය කරන නගරය අප වාසය කරන නගරයෙන් බොහෝ දුරස් වී තිබීම එයට හේතුව වන්නට ඇතැයි සිතමි. නමුත් තාත්තා, ලඟින් ඇසුරු කල මිතුරන්ගෙන් ඔහුත් එක් අයෙකි.
සිනාමුසු මුහුණින් අපව පිළිගත් ඔහු අප සමඟ ඔවුන්ගේ පාසල් ජීවිත අත්දැකීම් ආවර්ජනය කළා. ඔහුට උපතින් ම ඇස් වල ආබාධයක් තිබූ බව තාත්තා මට කලින් දිනක කියා තිබුණි.
"ලඟදි දවසක මචන් මාව සර්පයෙක් කෑවා. මම ඉස්සෙල්ලම කලේ ඌ මරපු එක. ඊට පස්සේ ඌත් අරගෙන ඉස්පිරිතාලෙට ගියා. මට සෑහෙන්න අමාරු වුණා. දොස්තර මහත්තය මගෙන් ඇහුව එක දෙක වෙලා පේනවා ද කියල. මම කිව්වා, මට කොහොමත් එක දෙක වෙලා පේන්නේ, එක හතර වෙලා පේනවා නම් තමයි අවුල"
කියු ඔහු මහා හඬින් සිනා සුනා.
ඔහුගේ අසනීප තත්ත්ව ගැන කතා කරන්නත් ඔහු අමතක කලේ නෑ.
"උඹ දන්නවා නේ මචන්, මම කොහොමත් මේ වෙලාවට පොඩි අඩියක් ගහල නේ ඉන්නේ. ඒකත් බොහොම පොඩ්ඩයි. මම උපදෙස් ගන්න doctor මගෙන් බොනවද කියල අහල, මම පොඩි අඩියක් ගහනවා කිව්වම, two shots, twice a week is ok කියල තමයි කිව්වේ" කියල මහා හඬින් සිනා සුනා. වැඩි වෙලා නොගොසින් ම, ඔහු ජීවිතය සැහැල්ලුවෙන් හා සන්තෝසයෙන් ගෙවන බව අපට වැටහුනා.
මඳ වෙලාවක් අප සමඟ සතුටු සාමීචියේ යෙදී සිට කුස්සිය දෙසට සෙමින් ගමන් කළා. අපට තේ පැන් සංග්‍රහය කලේද ඔහු විසින් ම යි. අප නිවසින් පිට වීමට සැරසුන විට,
"පොඩ්ඩක් හිටපන්. අපේ නෝනේ ව එලියට එක්ක එන්න බලන්නම්" කියල ඔහු කුස්සිය දෙසට පිය නැඟුවා.
"ඒ මාමා ගේ නෝනට පොඩි මානසික ලෙඩක් තියනවා. වැඩිය එලියට එන්නේ නෑ"
තාත්තා කලින් දවසක කියූ දෙයක් එකවරම මට සිහියට නැඟුනේ නිරායාසයෙන්මයි . ජීවිතේ තරුණ කාලේ හොඳින් ගත කර, කුමක් හෝ අභාග්‍යයකට මානසික ලෙඩෙක් වෙච්ච තමන්ගේ බිරිඳ අතින් අල්ලාගෙන තාත්තගේ යාළුවා අප දෙසට ආව. තමන් ගේ බිරිඳ මානසික ලෙඩෙක් වුනත්, ඔහු තවමත් ඇයට ඉතාම ආදරෙන් සලකන බව අපට වැටහුනා.
ඔවුන්ගේ විවාහ දිනයේ ඡායා රූපය අපට පෙන්වන අතර
"ඔය තියන පින්තුරේ ඉන්නෙත් මෙයා තමයි. අඳුරගන්න බෑ නේද ? " කියල මඳ සිනහවක් පෑවා.
"ගොඩක් හිනාවෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත යට සැහෙන්න දුකක් තියනවා ......"
මගේ බිරිඳ ට, ඇයගේ මාමා කෙනෙකු කියා තිබූ කතාව, කෙතරම් නම් යතාර්තයක්ද යන්න වැටහීමට මට මඳ වෙලාවක් ගත වුණා.

ඇත්ත...
" ගොඩක් හිනාවෙලා ඉන්න මිනිස්සුන්ගේ හිත යට සැහෙන්න දුකක් තියනවා .. " ගොඩාක් වෙලාවට නොතේරෙන ඇත්තම කතාවක්
ඇත්ත කථාවක් කියලා තියෙන්නේ
ඔව්. මම එකඟයි තිවංකගෙ කතාවට. හුඟාක් හිනා වෙලා ඉන්න මිනිස්සු එහෙම හිනා වෙන්නෙ හිත යට කඳුළු පොකුරු ගන තියාගෙන. ඒ මිනිස්සුන්ට ඕනෙ නෑ තමන් දුකින් ඉන්න බව පෙන්නන්න. ඒ නිසා හිනා වෙලා ඉන්නවා...
අර මිතුරා ගැන නම් ආඩම්බරයි. හොඳින් ඔළුව තියාගෙන ඉන්න වයිෆ් ලා දාලා හොර රහසේ වෙන වෙන තැන් වල රිංගන මිනිස්සු ඉන්න රටේ මොන තරම් ආදරයෙන් බලාගන්නවද ඒ වගේ තත්වයක ඉන්න ව්යිෆ් කෙනෙක්ව..
සම්පූර්ණ ඇත්ත. ගොඩාක් හිනාවෙලා ඉන්නේ හිතේ දුක වැඩි අයයි !
@Arvin - ඔව්.
@උපේන්ද්‍ර - බොහෝ දුරට, යථාර්තය
@ළහිරු - ඔව්.
@ළිහිණි - ඇත්ත. එයා තමන්ගේ බිරිඳව රැක බලාගන්න විදිය ගොඩක් අයට ආදර්ශයක්
@Chathuranga - ඔව්.
ඒක නම් ඇත්ත බන් . . . ඒ මිනිස්සු දුකැ නැති කර ගන්නත් එකක් ඕනවට වඩා හිනාවෙනවා . . .
සහතික ඇත්ත දුකා. එයාලා එහෙම තමයි දුක නැති කරගන්නේ