මානසික සුවය
Posted by තිවංක | | Posted On Wednesday, December 15, 2010 at 3:42 PM
අපි කෙතරම් කාර්යබහුල වුනත්, ඒ කර්යබහුලබව පොඩ්ඩකට පැත්තකට තිව්වම (අමතක කලාම) හිතට ලැබෙන මානසික සහනය මෙපමණක් යැයි කියන්න බැරි තරම්. මානසික සහනය අපේ ජීවිතවලට අත්‍යවශ්‍යම දෙයක්. අද උදේ ඉඩක් ලැබුන නිසා ගංගාරාමයේ සීමාමාලකයට යන්න අවස්ථාවක් ලැබුණා (මීට කලින් එක දවසයි එතැනට ගිහින් තිබුනේ). කාර්යබහුල මාර්ගයක් අසල පිහිටලා තිබුනත් හරිම ලස්සන, නිස්කලංක තැනක්. එතැනට (එතැනට විතරක් නොවෙයි, ඕනෑම පන්සලකට) ගියාම මානසිකව ලැබෙන නිදහස, සහනය වචනයෙන් විස්තර කරන්න ටිකක් අමාරුයි :-). ආගම දහමත් එක්ක මිනිස් ජීවිතය කොයිතරම් නම් බද්ධ විය යුතුද කියන එක අපිට පන්සලකට ගියාම හොඳාකාරවම අත්දකින්න පුළුවන් (අනෙක් ආගම්වල සිද්ධස්ථාන ගැන මම හරියටම දන්නේ නම් නෑ. ඒත් ඒ සිද්ධස්ථානත් එහෙම වෙන්න ඇති කියල මට හිතෙනවා).
මානසික සුවය කියල කියන්නේ මම හිතන විධියට නම් ජීවත් වෙන පුද්ගලයෙකුට අනිවාර්යෙන්ම තිබිය යුතු දෙයක්. එකී මානසික සුවයක් සිතේ නැත්නම්, අපි කරන්නන් වාලේ දේවල් කරන පුද්ගලයන් සේ සමාජයේ පිළිගනු ඇත. දවසේ වැඩ කටයුතු කරද්දී සත්‍ය වශයෙන්ම මානසික සුවයක් ඇතිවේ ද යන්න සලකා බැලිය යුතු ගැටළුවක්.මා සිතන ආකාරයට මානසික සුවය සඳහා වඩාත්ම සුදුසු වන්නේ භාවනාවයි. එමඟින් හිත සන්සුන් කර ගැනීමට හැකිවේ.
ඔබ මතු කරන කාරණය ඇත්ත. අපි කරන හැම දේම එළඹ සිටි සිහියෙන් කිරීම තමයි ඇත්තටම භාවනාවක් කියල කියන්නේ.