රන් මීවිත පුරවා සුරතේ හොවා .........
Posted by තිවංක | | Posted On Thursday, November 18, 2010 at 10:33 AM
පසුගිය දිනක කාර්යාලයේ දිවා භෝජනය ගන්නා ස්ථානයේදී සිදු වූ සිද්ධියක් පළ කිරීමට සිත් වූයේ එහි අන්තර්ගතයේ ඇති සමාජමය වටිනාකම නිසාවෙන්මය.
"කවුද බං අර මම බොන ෆොටෝ facebook එකට දාපු බූරුවා?" මුxx ගේ කටහඬ ඉතා බලවත් ය.
සිදුවී අත්තේ ඔවුන් පසුගිය දා සහභාගී වූ විවාහ මංගල සාදයකදී මුxx මධුවිත පානය කරන ඡායාරූපයක් ඔහුගේ මිතුරෙකු විසින් facebook සමාජ ජාලයේ පළකිරීමත්, එය මුxxගේ සහෝදරිය දැකීමත් යි. ඒ පිළිබඳ මුxxගේ සහෝදරිය ඔහුගෙන් විමසා ඇත. ඔහු ඉන් මහත් අපහසුතාවයට පත් වී ඇති බව ඔහුගේ කතාවෙන් තහවුරු විය.
එම වාග් මාලාවට පිළිවදන් සැපයූයේ සxxx ය.
"ඔච්චරම තමන්ට අවනම්බු නම්, අපහසුතාවයට පත්වෙනවා නම් ඇයි ඔයා බොන්නේ? තමන් කරන දේවල් හොර රහසේ නැතිව එළිපිට කොන්දක් ඇතිව කරන්න තමන්ට ආත්ම ශක්තිය තියෙන්න ඕන. එහෙම නැත්නම්, තමන් ඒ දේවල් වලින් අපහසුතාවයට පත්වෙනවා නම්, ඒවා නොකර ඉන්න තමන් දැනගන්න ඕන. බොන වෙලාවට ලොක්කෝ වගේ බීල, ඒ වෙලාවට ඕන දෙයක් කරලා, වෙරි හිඳුනම තමන්ට වෙච්ච දේවල් ගැන පසු තැවිල වැඩක් නෑ. ඒවා නොවෙන්න තමන් වග බලාගන්න ඕන. ඒවා හොඳ නැත්නම් නොකර ඉන්න ඕන. ඒවායේ ආදීනව දන්නා නිසා තමයි අපි නොබී ඒ දේවල් නොකර ඉන්නේ."
සxxx ගේ පිළිතුර තුල ඔබට සිතන්නට කෙතරම් නම් දෙයක් ගැබ් වී ඇත්ද ?
"කවුද බං අර මම බොන ෆොටෝ facebook එකට දාපු බූරුවා?" මුxx ගේ කටහඬ ඉතා බලවත් ය.
සිදුවී අත්තේ ඔවුන් පසුගිය දා සහභාගී වූ විවාහ මංගල සාදයකදී මුxx මධුවිත පානය කරන ඡායාරූපයක් ඔහුගේ මිතුරෙකු විසින් facebook සමාජ ජාලයේ පළකිරීමත්, එය මුxxගේ සහෝදරිය දැකීමත් යි. ඒ පිළිබඳ මුxxගේ සහෝදරිය ඔහුගෙන් විමසා ඇත. ඔහු ඉන් මහත් අපහසුතාවයට පත් වී ඇති බව ඔහුගේ කතාවෙන් තහවුරු විය.
එම වාග් මාලාවට පිළිවදන් සැපයූයේ සxxx ය.
"ඔච්චරම තමන්ට අවනම්බු නම්, අපහසුතාවයට පත්වෙනවා නම් ඇයි ඔයා බොන්නේ? තමන් කරන දේවල් හොර රහසේ නැතිව එළිපිට කොන්දක් ඇතිව කරන්න තමන්ට ආත්ම ශක්තිය තියෙන්න ඕන. එහෙම නැත්නම්, තමන් ඒ දේවල් වලින් අපහසුතාවයට පත්වෙනවා නම්, ඒවා නොකර ඉන්න තමන් දැනගන්න ඕන. බොන වෙලාවට ලොක්කෝ වගේ බීල, ඒ වෙලාවට ඕන දෙයක් කරලා, වෙරි හිඳුනම තමන්ට වෙච්ච දේවල් ගැන පසු තැවිල වැඩක් නෑ. ඒවා නොවෙන්න තමන් වග බලාගන්න ඕන. ඒවා හොඳ නැත්නම් නොකර ඉන්න ඕන. ඒවායේ ආදීනව දන්නා නිසා තමයි අපි නොබී ඒ දේවල් නොකර ඉන්නේ."
සxxx ගේ පිළිතුර තුල ඔබට සිතන්නට කෙතරම් නම් දෙයක් ගැබ් වී ඇත්ද ?
අපූරු සිද්දියක් නොවෑ වෙලා තියෙන්නේ.... අනේ ඉතින් වෑඩ බෑරි උනාට කතාවෙන් "සුපර් මෑන්" වෙන්න හදන අය කොතරම් නම් අපි අතර ඉන්නවද? ඔය මදුවිත පානය කරන බොහොමයක් උදවිය ඕනෙකමට වඩා තමුන්ගේ තත්වෙ පෙන්නන්න නොවෑ කොරන්නේ. උන්ගේ හිතේ තොලේ කටේ ගාගෙන ගරා යකා ආවේස වෙලා වගේ නටන එක දෑන් කාලේ "ස්ටයිල්" එක කියලා. හිහ් හිහ් අනේ ඉතින් මෙහෙමත් මීහරක්.
එලිපිට කතා කොරන්න, කරන දේ කෙලින් කියන්න බෑරි කොන්ද පණ නෑති උන් කොච්චර නම් අපේ සමාජයේ ඉන්නවද?
ඒ නිසානේ රාජකාරියේදි කේලාම් කාරයෝ බුරුතු පිටින් එලියට එන්නේ. මොකද උන්ගේ පෑවෑත්ම තියෙන්නේ කියන කේලාම් ප්‍රමාණය මතයි. මහා ලොකු "මෑනේජර්" ලා කියලා කියාගන්න උන්ගේ කල් කිරියාව උන්ට ඉහලින් ඉන්න හෑම එකාටම සක්කිලි කම් කරන එකනේ. අතීතයේ පුරාවටම අපේ සින්හල හෑතිකරේ කොරේ ඉතින් සුද්දට **** දීපු එකනේ. අපරාදේ කියන්න බෑ අදත් ඒ වගේ නපුන්සකයන්ගෙන් කිසිම අඩුවක් නම් නෑ.
"සමහර විට මට විවිධාකාර වූ බලපෑම්, ගල් මුල් එන්න පිලිවන්. මොකද මම මේ කියන තොප්පිය ගෑලපෙන බොහෝ දෙනෙක් ඉන්න පුලුවන් නිසා"
අනුරාධගේ අදහස ටිකක් සැර වැඩි ද කියලත් හිතෙනවා. :-) සැර වුනත් ඒක තමයි යථාර්ථය . එහෙම නේද ?
ඇත්ත.
ඒත් මේ ලංකවෙ එලි පිට අපි නොකරන වැඩ කීයක්නම් තියනවද එව්ව වැරදි නොවුනත්.
ගෑනු ළමයෙක් එක්ක යාලු උනත් ඒක ගෙදර දැනගනියි කියල අපි කොච්චර බයෙන්ද ඉන්නෙ. එහෙම දෙයක් "මුහුහු පොතට" ගියොත් ඉඳල ඉවරයි. එහෙව් එකේ මෙව්ව "මුහුහු පොතට" දාන අයත් ටිකක් හිතනවනම් තමයි හොඳ.
ඔබ කියන කරණය කෙනෙක්ට අතිශයින් පෞද්ගලික දෙයක්. නමුත් මම මතුකරන්න උත්සාහ කරන්නේ, කෙනෙක් සභාවක් මැද්දේ කරන දෙයක් ප්‍රසිද්ධ වීමක් ගැන. ඔහු එහෙම නැතුව, කාටවත් නොපෙනෙන්න ඒ දේ කරන වෙලාවක මේ සිද්ධිය වුනා නම් ඔබ කියන කාරණය සම්පූර්ණ ඇත්ත. එහෙම නේද ?
මම නම් හිතන්නෙ "තමන්ගෙ අත අනුන්ගෙ ඇහේ නොවදින ගානට දිගු කළ යුතුය" කියලයි. ඒක මේ දෙගොල්ලන්ටම ගැලපෙනව නේද?
ඔව්. බොන කෙනා තමන්ගේ බීමත්කම ප්‍රසිද්ධ වෙනවට අකමැති නම් ප්‍රසිද්ධ තැන් වල ඒවා නොකර ඉන්න ඕන. ඒ වගේම යාළුවොත් දැනගන්න ඕන තමන්ගේ යාළුවා එයාගේ බීමත්කම ප්‍රසිද්ධ කරනවට අකමැති නම් ඒවා ප්‍රසිද්ධ නොකර ඉන්න. තමන්ගේ පෞද්ගලික දේවල් මේ මාතෘකාවට ගන්න බෑ කියලයි මගේ අදහස. :-)
හැබැයි ඔය කතාවෙ සැඟවුනු පැත්තකුත් ඇති කියල මට හිතෙනව.....
ඒ කිව්වේ ? මොනවගේ දෙයක් ද ?
මෙතන සිංහයෝ වගේ comments දාල තිබ්බට ගොඩක් උන් ගෑනුන්ට බයේ බීම නවත්තපු උන් වෙන්න ඇති විකුමෝ :D අනික ගොඩක් වෙලාවට බොන උන්ගේ ෆොටෝ ගහල ආතල් ගන්නේ නොබොන උන්.. එක ඊට වඩා chater නේද ?
අත්තටම කිව්වොත් ඔය බොන්නෙ න කියල සින්හ ටල්ක්ස් ඩෙන සමහර කට්ටිය ඉන්නව අර එකලෙ හොන්ඩටම බීල ඩන් ගනිට බයෙ බොන්නෙ නති අය. එ කට්ටිය තමත් බොන තන් වලට අවිල්ල නිකන් බොන්න ඉල්ලල චටෙර් වෙන වෙලවලුත් අපි දැකල තියෙනව.
එක නිස මම නන් හිතන්නෙ තිවන්ක මෙය් වගෙ ඩෙවල් බ්ලොග් වල කත කරන එක එච්චර හොඩ මදි නෙද?
අනික ඔය පලවෙනි කමෙන්ට් එක දපු කෙනා මාර පොර ටෝක්ස් දුන්නට එයාගෙ ඇත්ත කතාව එයාම දන්නව ඇති නෙ :)))))))
කවුරු කවුරුත් තම තමන්ගෙ වැඩක් බලා ගත්ත නම් ඉවරයි මම හිතන්නෙ. අවශ්‍ය නෑනෙ අනුන්ගෙ පිංතූර තමන්ගෙ මූනූ පොතට දා ගන්න...
අනික ලංකාවේ තියෙන දෙමව්පිය සහෝදර මුලික කරගත්ත පවුල් පසුබිමේ අපිට බීල ආතල් ගන්න amaarui සුද්දෝ වගේ... එකත් මතක තියා ගෙන මීට පස්සේ මේ වගේ දේවල් ලිවුවොත් හොදයි නේද ?
මේක ඇත්තටම මම අත්දැකපු දෙයක්. එහෙම දේවල් මගේ බ්ලොග් එකේ මගේ අදහසුත් එක්ක, මට හිතෙන විදියට ඉදිරිපත් කරපු එක විතරයි මම කලේ. බ්ලොග් එකට තමන්ගේ අදහස් එකතු කරන්න ඕන කෙනෙක්ට පුළුවන්. ඕක ඔච්චරම ප්‍රශ්නයක් කරගන්න එපා කියල තමයි මට නම් හිතෙන්නේ. :)
ඔය ගැනුන්ට බය කතාවට මම නන් විරුද්දයි. මම නන් එ කාලෙ හොන්දටම බිව්ව එකෙක් හබෛ බැන්දට පස්සෙ බොන එක නතර කලා මොකද ගෙදර ගියාම ගෑනිගෙන් මට කොසු පාර කන්න වෙන නිසා. එත් තාමත් මම හිමිට හවසට එලියට ගිහින් සිගරට් එකක් බීලා එනවා.
හැබයි ඉතින් මමත් එකාලේ පොරක් තමා :)) ( දැන් නපුන්සකයෙක් උනාට )
තිවංක ඔය බොන්නෙත් නැද්ද?
අදහස්, මාතෘකාවෙන් සැහෙන්න ඈතට ගිහින් :D
@Anonymous - ඇත්තම කිව්වොත් නෑ :).
ඒ කියන්නෙ තිවන්ක ඔය බොන එකට විරුද්දයි කියන එකද? එහෙමත් නැත්තන් ඔයත් අර අනුරාධ කියන මහ කලු සින්හලය වගෙ පොර ටෝක්ස්ස්ස් දෙන එක්කෙනෙක්ද?
මම පොර ටෝක්ස් දෙන්න යන්නේ නෑ. බොන එක තේරුමක් නැති වැඩක් කියල මට හිතෙන නිසයි මම ඒ දේ නොකරන්නේ ( දැන් අහන්න එපා මම කරන හැම දේම තේරුමක් ඇති වැඩ ද කියල :-) ). ඒක එහෙමයි කියල මම අනිත් මිනිස්සු බොන එකට විරුද්ධ වෙන්න යන්නේ නෑ. එහෙම විරුද්ධ වෙවී ඉන්න ගියොත් මට වෙන වැඩක් කරන්න වෙන්නෙම නෑ :D
ඔව් ඔව් talks නොදී කාල බීලා ශේප් එකේ ගෙදර යන එක තමා හොද. මමත් එහෙමයි!