රෝදය ......
Posted by තිවංක | | Posted On Monday, October 25, 2010 at 10:32 PM
දවස නිමවී කාර්යාලයෙන් නිවෙස බල යාමට සැරසුනද, බයිසිකලයේ ඉදිරිපස රෝදයේ හුලං නැත. හ්ම්ම් ... දැන් ඉතින් මොනවා කරන්නද? ටයර් කඩයක් හොයන එක එච්චර ලේසි නැතිවුනත් බයිසිකලය තල්ලු කරගෙනම ටික දුරක් අවිද ගියෙමි .
"මේ හරියේ ටයර් කඩයක් තියනවද ?"
නවතා තිබූ තුන් රෝද රථයක් අසලට ගිය මම, මාගේ හඬ අවදි කළේය. අප ඔවුන්ගේ වාහන පැදවීම ගැන කෙතරම් දොස් කීවද, පාරක් දැනගැනීමටත් , යම්කිසි ස්ථානයක් දැනගැනීමටත් නිතැතින් තුන් රෝද රථයක් වෙත පිය නැගීම කෙතරම් දෛවෝපගතද ?
"එහා හන්දියේ තියනවා."
ඔහු මට ඈත තිබෙන කඩයක් පෙන්විය. එම වදන් මට මහත් අස්වැසිල්ලක් විය.ඔහුට ස්තූති කළ මම නැවත ගමන ඇරඹීමි. තරමක කඩයක් බලාපොරොත්තු වූ මම නතර වූයේ ගෙවල් පේලියක එක් නිවසක් ඉදිරිපසය. ටයර් කඩය වූයේ ඔවුන්ගේ නිවසේ ඉස්තොප්පුවය. ඉතා කුඩා නිවසක් වූ එහි එදා වේල පිරිමහගන්නේ මේ කුඩා ටයර් කඩයෙනි. කඩහිමියා කඩිනමින් දෝෂය සොයා එය කඩය තුලට දී තවත් රෝදයක් ගලවන්නට විය. එහි ඉතිරි පිළියම් සිදු කරන්නේ ඔහුගේ බිරිඳය.
"මම පන්සලට ගිහින් එන්නම්."
තම කාර්යය අවසන් කළ ඇය සැමියා ඇමතීය.
"ඇයි ඒ ? අජිත් කියපු කාරණාවට ද ?"
සැමියා නෝක්කාඩුවට මෙන් ඇසීය.
"ඔය රැස්වීම් වලට යන්න ඕන නෑ. මෙන්න මේ තියන වැඩක් බලාගෙන ඉන්න."
එවර හඬ අණදීමකි.
"නොගිහින් හිටිය වගේ නෙවෙයි. අන්තිමට ඉන්න තැනත් නැති වේවි."
ඉතා කුඩා ගෙවල් පේලියක තවත් එක් කුඩා නිවසක් වූ එහි අයිතිය රැක ගැනීමට ඇය පිටත් වූ අතර සැමියා එදාවේල රැක ගැනීමට තවත් රෝදයක් පිළිසකර කිරීම ඇරඹීය.

ඔව් ඇත්ත.. මේ තවත් එක් සිදුවීමක් පමණයි. මේ වගේ එදා වේල හොයාගන්න දුක් විදින මිනිස්සු කොච්චර නම් අපි අතර ඉන්නවද? ඒ මිනිස්සු මාසයක් තිස්සේ කබුරලා කබුරලා හොයා ගන්න සොච්චම වගේ දහදොලොස් ගුණයක් තමුන්ගේ බාහිර සුඛ විහරණයට විය හියදම් කරන මිනිස්සු කොටසකුත් අපේ සමජයේ ඉන්නවා කියල අමතක කරන්න එපා. එක් වරකට රුපියල් දොලොස් දහසක් පමණ වටිනා සුවද විලවුන් තම කුනු ගත ගල්වන මෝඩයන් ඉන්නා කල තවත් මොන කතාද? එය හුදෙක් බොරු ආටෝපයක් පමනි. අනේ මෙහෙව් රටක්
ම්ම්ම්... ඊයේ තමයි මටත් හරියටම ඔය දේ තේරුනේ. කතාව මේකයි, ඊයේ මන් ගිය බස් එකට එක පාරට ගැහැණු කෙනෙකුයි පොඩි ගැහැණු ලමයෙකුයි නැග්ග. ගැහැණු කෙනා තව පොඩි ළමයෙක් වඩා ගෙන හිටියේ. ඒ ළමයාගේ මුළු මූණම පිච්චිලා. ඒ ළමයට වේදනාවට අඬන්නවත් පණ නැහැ. ඒ ගැහැණු කෙනා ත්රීවීල් එකකවත් යන්න සල්ලි නැති නිසා බස් එකේ ලමයව ඉස්පිරිතාලේ එක්ක යනවා. එක දැකපු බස් එකේ රියදුරු සල්ලි දීල ඒ කට්ටිය ත්රීවීල් එකේ යැව්වා. බස් එකේ කට්ටිය සල්ලි එකතු කරලා ගැහැණු කෙනාට දුන්නා. ඒ වගේ හදිසි වෙලවටවත් සල්ලි නැති මිනිස්සු ඉන්නවා නේද කියල මට හිතුනේ එක දැක්ක ගමන්. අපි වැඩක් නැති දේවල් වලට මොන තරම් සල්ලි වියදම් කරනවද? ඒ මිනිස්සුට රුපියල් 100 කියන්නෙත් මහා ලොකු ගානක්...