මාර්ග නීති , කාර්යබහුලත්වය සහ මනුස්සකම
Posted by තිවංක | | Posted On Monday, October 18, 2010 at 3:01 PM
ඕනෑම රටක මාර්ග නීති පද්දතියක් පිහිටුවාගෙන තියනවා. එහි අවශ්‍යතාවය අවිවාදාත්මකයි. ඈත අතීතයේ නොතිබුනත්, රථ වාහන පැමිණීමත් සමඟ මාර්ග නීති පද්දතියේ අවශ්‍යතාවය අපිට තදින්ම දැනෙනවා.
මේ මාර්ග නීති මොනතරම් නම් තර්කානුකූලද කියල ටිකක් කල්පනා කරලා බලනකොට ඕනෑම කෙනෙක්ට වැටහෙනව.
දකුණ බලා වම බලන්න
නැවතත් දකුණම බලන්න
පාරේ වාහන නැත්නම්
ඉක්මනින්ම මාරු වෙන්න
පොඩිකාලේ අපිට පාසලේදී මෙහෙම උගන්වන්නේ, අපේ ආරක්ෂාවත් රියදුරන්ගේ පහසුවත් රැකගෙන පාර මාරු වෙනයි. පදිකයන් භාවිතා කල යුත්තේ පාරේ දකුණු පසත්, රථවාහන භාවිතා කල යුත්තේ පාරේ වම් පසත් යන්න තුල, පදිකයා හා රියැදුරා කෙතරම් නම් සුරක්ෂිතද ?
නමුත් මේවා දැන් ඉන්න ළමා පරපුර පිළිපදිනවද කියන එකත් ප්‍රශ්නයක්. ළමා පරපුරට ආදර්ශයක් වීමට අඩුම තරමින් වැඩිහිටි පරපුර වත් මාර්ග නීති පිළිපැදිය යුතුයි. කෙතරම් පදික මාරු තිබුනත්, මින්ස්සු තමන්ට හිතෙන හිතෙන තැන් වලින් පාර මාරු වෙනවා. හොඳම උදාහරණය බොරැල්ල මංසන්දියේ ඇති උමං පදික මාරුව. විශාල මුදලක් වියදම් කරලා පදිකයන්ගේ ආරක්ෂාවත්, රියදුරන්ගේ පහසුවත් තකා ඉදිකරලා තියන මේ උමං මාර්ගය භාවිතා නොකර, සමහර මිනිස්සු ප්‍රධාන මාර්ගයෙන්ම පාර මාරු වෙනවා. මාර්ග නීති පිළිපදින්නේ නැතුව පදිකයන් විදියට පාරේ ගමන් කරලා අන්තිමට අනතුරක් වුනාම ගොඩක් වෙලාවට එකේ වරද පැටවෙන්නේ වාහනයක රියදුරාට. අනිත් අතට සමහර රියදුරන් පදික මරුවකදීවත් තමන්ගේ වාහනයේ ධාවන වේගය අඩු කරන්නවත්, නවත්වන්නවත් අකමැතියි . ලඟදි දවසක පදික මාරුවකින් මාරුවෙන පදිකයන් පිරිසකට, මොටර් රථයක් ධාවනය කරගෙන ආපු නෝනා කෙනෙක් එයාගේ ගමන මදකට නවත්වල පදිකයන්ට පාර මාරු වෙන්න ඉඩ දෙන්න වුනා කියල අත දික්කරලා පදිකයන්ට බනිනවා මම දැක්ක. තමන්ගේ අයිතිය පාවිච්චි කරන්නවත් පදිකයන්ට නිදහස නැති හැටි. අනෙක් මිනීසෙකුට ගරු කිරීමට බැරි සමාජයක් බිහිවෙන අපූරුව.
රියදුරු බලපත්‍ර නිකුත් කිරීමේදී ලිඛිත පරීක්ෂණයක් දැන් පවත්වනවා. එහිදී පුළුල් ලෙස, රියදුරෙක් පදිකයන් ගැන සැලකිලිමත් විය යුත්තේ කෙසේද කියන කාරණය සලකා බැලෙනවා. නමුත් බොහෝ දෙනා මාර්ග නීති ගැන උනන්දු වෙන්නේ රියදුරු බලපත්‍රය ලබගන්න තෙක් පමණයි. ඊටපස්සේ තමන් පමණක් පාරේ යන්නේ කියන මානසිකත්වයෙන්ම පාරේ යනවා. දැන් තියන රියදුරු පුහුණු ආයතනත් මේ තත්වයට සැහෙන්න වග කියන්න ඕන. සල්ලි අරගෙන කෙසේ හෝ රිය බලපත්‍රය ලබාදෙන්න මේ අය සැදී පැහැදී ඉන්නවා. එක අතකට, මුදල් පසුපස හඹායන ලෝකයක මනුස්සකම මුදලට යටවීම පුදුමයකුත් නෙවෙයි .

ඒ කතාවට මාත් එකග වෙනවා. මේකට මූලිකම හේතුව ලෙස මම දකින්නේ අද මිනිස්සු අතර තියෙන තරගය. ඒ වගේම බහුතරයක් තුල තිබෙන්නා වූ ආත්මාර්තකාමී බව. මිනිස්සු මුදල් පසුපස හබා යන යුගයක් මේක. මේ මුදල් තරගය නිසාම මනුස්සකම් බල්ලට ගිහින්. හෑම දේම මුදලට මනින ලෝකයක් හමුවේ අපි මොනවා කරන්නද යාලුවේ? මේවා අපේ අලුත් පරම්පරාව වත් හරියට තේරුම් අරගෙන මනුස්සකම් ගෑන හිතන සමාජයක් බිහිවුනොත් ඒ ඇති.
ඔව්. අද කාලෙ ගොඩක් ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන්නෙ ආත්මාර්තකාමී බව, මුදල් පසුපස හඹා යාම සහ අනෙක් අයට ගරු නොකිරීමයි. කාර්යාල වලදී මෙය විශේෂයෙන්ම අත්දකින්න පුලුවන් දෙයක්. ඔබත් මේ තත්වය කාර්යාල වලදී අත්දැක ඇතිබවට සැකයක් නෑ :-)
අපෝ ඔව්...ඕන තරම් අත්දෑකලා තියෙනවා. සුදුසුකම් බල්ලට ගියත් කමක් නෑ මුට්ටිය අල්ලන්න පුලුවන් නම් ඉදිරිය සුභයි. එහෙම නොවුනොත් විවිධාකාර වූ ප්‍රශ්න වලට මූන දීමට සිදු වෙනවා. අනේ මෙහෙව් සමාජයක්? නායකත්වය, පරිපාලනය කියන වචන දෙකේ තේරුම වත් හරි හෑටි දන්නේ නෑති බූරුවන්ට ඔලුව නවන්න වෙන එක තමයි ඉවසන්නම බෑරි දේ.
මන් තිවන්කගේ අදහසත් එක්ක එකඟ වෙනවා. මන් දකින විදියට මේකට ප්‍රධානම හේතුව තමයි අනික් අයට ගරු නොකිරීම. එක ලොකු පොඩි බේදයකින් තොරව හැම කෙනා තුලම තිබිය යුතු දෙයක්...
හ්ම්ම් ... කට්ටියගේ කතාවන් නම් සහතික ඇත්ත. මුට්ටි අල්ලිලි සහ ඒ ආශ්රිත කතනම් ඒමටයි. එහෙම මුට්ටි අල්ලලා ලොකු තැන වලට එන කට්ටි නිසා ගොඩක් දෙනෙක් අපහසුතාවයට පත්වෙනවා.
ඒ විතරක් නම් මදෑයි...ඔය මුට්ටි ඇල්ලීම නිසා හරියට වෑඩ කරන කී දෙනෙකුට බඩේ පාර වදිනවද? නොදකින් විතරක් මෙහෙම එවුන්?
මුට්ටි ඇල්ලීම සහ අනෙක් අය පාගාගෙන ඉදිරියට යාම ගැන වෙනමම ලිපියක් ඉදිරියේදී පලකරන්නත් බලාපොරොත්තතුවෙන් ඉන්නව
අන්න හොදයි... ඇත්තටම අපි මාතෘකාවෙන් ඔබ්බට ගියා කියලා මට හිතෙනවා